ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතාවලට ප්‍රධාන වශයෙන් මුහුණ දෙන තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව එක්සත් ජනපදය සලකා බලන විට රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්තර්ජාලය හරහා සටහනක් තබා ඇත.ඉරානය සමඟ වෙළෙඳ සබඳතා පවත්වන ඕනෑම රටකට අමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමේදී 25%ක අතිරේක බද්දක් ගෙවීමට සිදුවන බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
ඉරානය තුළ දැනට පවතින රජයට එරෙහි විරෝධතා මර්දනය කිරීමට එරෙහිව පීඩනයක් එල්ල කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ඉරානයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන චීනය, ඉරාකය, තුර්කිය සහ ඉන්දියාව වැනි රටවලට මෙම තීරණය සෘජුවම බලපානු ඇත.
ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම රටක් අමෙරිකාව සමඟ කරන ව්‍යාපාර සඳහා මෙම බද්ද ගෙවිය යුතු බවත්, මෙම නියෝගය වහාම ක්‍රියාත්මක වන බවත් ට්‍රම්ප් සිය TRUTH SOCIAL සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ.
ඉරානය තුළ ආහාර මිල ඉහළ යාම සහ මුදල් ඒකකය අවප්‍රමානය වීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වන විට තුන්වන සතියටත් වන අතර එම විරෝධතාවලදී පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන පවසයි.
ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් සඳහන් කළේ ඉරානයේ විරෝධතාකරුවන් මර්ධනය කිරීම නතර නොකළහොත් ගුවන් ප්‍රහාර ඇතුළු හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට පවා අමෙරිකාව සූදානම් බවයි.
මේ අතර ඉරාන බලධාරීන් සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර ඇති බවත්, නමුත් අවශ්‍ය වුවහොත් ඒ සදහා මැදිහත් වීමට පියවර ගැනීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශකර කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදය පහර දුන්නොත්, ඊශ්‍රායලය සහ කලාපයේ එක්සත් ජනපද හමුදා සහ නැව් මධ්‍යස්ථාන දෙකම නීත්‍යානුකූල ඉලක්ක බවට පත්වන බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක අනතුරු අඟවා සිටියි.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් චෝදනා කරන්නේ නොසන්සුන්තාවයට අමෙරිකාව සහ ඊශ්‍රායලයට වගකිව යුතු බවයි.