ඉහළපෙලේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාම අබේවික්‍රම සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරත්චන්ද්‍ර ගුණරත්න යන නිලධාරින් දෙදෙනායි.
දූෂණ චෝදනා මත අල්ලස් කොමිෂන් සභාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර මෙම දූෂණ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් දෙදෙනා අදාළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අත්අඩංගුවට ගැනීම් දූෂණයට එරෙහි අල්ලස් කොමිෂන් සභාවේ අඛණ්ඩ ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස සිදු කර ඇත.