ඊශ්‍රායලය විවේචනය කළ ශ්‍රී ලංකාවේ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Two Sri Lankan youths arrested for criticizing Israel

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ බලධාරීන් විසින් 2024 ඔක්තෝම්බර් මාසයේදී මොහමඩි සුහායිල් සහ 2025 මාර්තු 25 වන දින මොහමඩ් රුශ්දි යන තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.

screenshot
ජනාධිපතිවරයාගේ අත්සනින් දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම.

ඔවුන්ට එල්ල වූ චෝදනා වන්නේ ඊශ්‍රායලයට විරුද්ධව විවිධ සමාජ මාධ්‍ය භාවිතාවන් සිදුකිරීම සහ විරෝධතා ස්ටිකර් ඇලවීම යන ආධී කරුණු කිහිපයකි. ජනතා විරෝධතාවන් ඉස්මතුවීමත් සමඟ මෙම තරුණයාව නිදහස් කිරීමට සිදුවිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සිදුකළ පර්යේෂණ මගින් ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සිදුකරන ක්‍රියා “ජන සංහාරයක්” බව පිළිගෙන තිබේ. මෙවැනි අමානුෂික ක්‍රියාවන්ට විරුද්ධව මතයක් දැරීම සහ පලස්තීනයට හිතවාදී අදහස් පළකිරීම ශ්‍රී ලංකාව තුළ අවදානම් සහිත ක්‍රියාවක් බව මෙම සිදුවීම් තුළින් ඉස්මතු වී පෙනේ.

himalmag 2025 10 08 01ed5d62 imago202674900

මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් පිළිබඳව විවිධ අවස්ථාවන් වල විරෝධතාද පැවැත්විය, නමුත් ආණ්ඩු පාර්ශවයෙන් මේ පිළිබඳව කිසිඳු නිශ්චිත පිළිතුරක් සපයා නොමැත.