වෘත්තීය සමිති 100කට රතු එලි

02 19

විවිධ චෝදනා සහ ගැටලු‍ හේතුවෙන් පසුගිය වසරේදී වෘත්තීය සමිති සීයක් අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට පැවැති මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2141 කි. පසුගිය වසරේ ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා ලියාපදිංචි කරනු ලැබී ඇති වෘත්තිය සමිති සංඛ්‍යාව 123කි.

වෘත්තීය සමිති ආඥාපනත අනුව සෑම වෘත්තිය සමිතියක්ම කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කිරීම  අනිවාර්ය අවශ්‍යතාවක් වෙයි. මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේය.