රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ බලය පොහොට්ටුව හෙවත් පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂට පවරා දීමට ගන්නා උත්සාහයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ බරපතල සාකච්ඡාවක් ඇතිවී තිබේ.
පසුගියදා නුගේගොඩදී පැවති රැළිය සම්පූර්ණයෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් සංවිධානය කරන ලද්දක් බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආශිර්වාදය ඔහුට හිමිවී තිබෙනන බවත්,තම සහෝදර පක්ෂය වන සමගි ජන බලවේගයට වඩා පොදු ජන පෙරමුණ කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය තබා ඇති බවත් පිළිබඳව පක්ෂයේ බරපතල සාකච්ඡාවක් ඇති වී තිබේ. විශේෂයෙන්ම එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු ජාතික සංවිධායක නමින් දිසානායක, උප සභාපතිවරයකු වන අකිල විරාජකාරියවසම්, හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ ඇතුළු කණ්ඩායම මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ක්‍රියාදාමයට විරුද්ධ මතයක සිටී. පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල ද දැඩි කලකිරීමකට පත්ව ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව කරලියට ගෙන ඒමටත් ඔහුව ඉදිරියට ගෙන යෑම සඳහාත් වජිර අබේවර්ධන,සාගල රත්නායක දෙදෙනා දැඩි වෙහෙසක් ගන්නා බව පෙනෙන්නට ඇතැයි පැවසෙන අතර හරින් ප්‍රනාන්දු ද නාමල් වෙනුවෙන් පෙනී සිටින බවට පසුගිය රැලියේදී නාමල්ව ‘කුමාරයෙක්‘කිරීමෙන් පැහැදිලිවන බව පක්ෂයේ ඇතැමුන් පවසා තිබේ.