හිට්ලර්ට වෙච්ච දේ කරන්න අලි-පොහොට්ටු නුගේගොඩ යයි.සජබ පස්ස ගහයි

image 55171300f8

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ අනෙකුත් පක්ෂවලින් සමන්විත ඒකාබද්ධ විපක්ෂය, නොවැම්බර් 21 වැනි දින නුගේගොඩින් ආරම්භ වන ඒකාබද්ධ ව්‍යාපාරයක් පිළිබඳව නිවේදනය කළ අතර, එහිදී දැවැන්ත රැලියක් පැවැත්වීමට නියමිතය.

දෙවැනි ලෝක යුද්ධ සමයේදී හිට්ලර්ට එරෙහිව එක්සත් වූ මිත්‍ර පාක්ෂිකයන්ව මෙහිදී අනුගමනය කරන බව මෙම පක්ෂ නිවේදනය කළේය.

ඔවුන් රට පුරා රැලි මාලාවක් පවත්වන බව සඳහන් කර ඇත. ඔය අතර එම රැලි 1000 සංවිධානය කිරීමේ වගකීම හරින් ප්‍රනාන්දුට පවරා තිබේ.