ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ගාසා තිරය තුළ ඊශ්‍රායලය විසින් ජන සංහාරයක් සිදුවන බවට පර්යේෂණ මගින් සනාථ කර තිබෙන පසුබිමක, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් පලස්තීනුවන්ව මිනිස් පලිහක් ලෙස භාවිතා කළ බවට ඊශ්‍රායලයට නැවත නැවතත් චෝදනා එල්ල වී තිබේ. ඊශ්‍රායාල හමුදාව පලස්තීන වැසියන්ව මෙලෙස මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ද දැන සිටි බවටද වාර්තාවන්වල සදහන් වේ.
ඊශ්‍රායල හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් ගාසා තීරයේ උමං මාර්ගවලට පලස්තීන ජාතිකයන් යැවූ ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බවට පසුගිය වසරේ එක්සත් ජනපදයට සාක්ෂි තිබූ බව හිටපු එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනයේ අවසාන සතිවලදී මෙම තොරතුරු ධවල මන්දිරය සමඟ බෙදාගෙන බුද්ධි අංශ විසින් විශ්ලේෂණය කරන ලද බවට ද නිලධාරීහු පැවසූහ.
ජාත්‍යන්තර නීතිය මගින් හමුදා ක්‍රියාකාරකම් අතරතුර සිවිල් වැසියන් පලිහක් ලෙස භාවිතා කිරීම තහනම් කර ඇත…

ගාසා තීරයේ සහ ඒ අවට බටහිර ඉවුරේ සිටින පලස්තීනුවන්ව මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම අවස්ථා කිහිපයකදීම සිදුකර ඇති බවට ලේඛනගත කර ඇත.
ඇමරිකාවේ බයිඩන් පරිපාලනය ඊශ්‍රායල රජය සමඟ බුද්ධි තොරතුරු සාකච්ඡා කළේද යන්න රොයිටර් පුවත් සේවයට තීරණය කළ නොහැකි විය. එම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,
“සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම හෝ හමුදා මෙහෙයුම්වලට සහභාගී වීමට ඔවුන්ට කිසිදු ආකාරයකින් බල කිරීම තහනම්” බවයි.
හමුදා පොලිස් අපරාධ විමර්ශන අංශය
“හමුදා මෙහෙයුම්වල පලස්තීනුවන් සම්බන්ධ සැකයන්” විමර්ශනය කරමින් සිටින බව එහි වැඩිදුරටත් සඳහන් විය.
මේ වසරේ මැයි මාසයේදී ගාසා තීරයේ මෙන්ම අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පුරවැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන ලද පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සාක්ෂි බෙදා ගත්තේය.
2024 ජුනි මාසයේදී, අල් ජසීරා විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ අල්ලාගෙන සිටි බටහිර ඉවුරේ ජෙනින් නගරය වැටලීමකදී ඊශ්‍රායල සොල්දාදුවන් තුවාල ලැබූ පලස්තීන ජාතිකයෙකු වන මුජාහෙඩ් අස්මිව හමුදා ජීප් රථයක ඉදිරිපසට බැඳ ගිලන් රථ දෙකක් පසුකරගෙන වේගයෙන් යන ආකාරයයි.
ඊශ්‍රායල හමුදාව ඒ අවස්ථාවේ කියා සිටියේ සොල්දාදුවන් සම්බන්ධ වූ ප්‍රොටෝකෝලය උල්ලංඝනය කළ බවයි, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සිද්ධිය පිළිබඳ වාර්තා සහ වීඩියෝ විස්තර කළේ ඊශ්‍රායලයේ “නියෝග සහ ක්‍රියා පටිපාටි” “කැළඹිලි සහගත” සහ “පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්” ලෙසයි.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පසු පලස්තීන රැඳවියන්ට වධහිංසා පැමිණවූ බවට චෝදනා කරන බහුවිධ වාර්තා සම්බන්ධයෙන් අඟහරුවාදා සහ බදාදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඊශ්‍රායලයෙන් ප්‍රශ්න කරන ලදී.
“විකල්ප වාර්තා විශාල සංඛ්‍යාවකින්, දරුවන් ඇතුළු පලස්තීනුවන්ට ක්‍රමානුකූලව හා පුළුල් ලෙස වධහිංසා පැමිණවීම සහ අයහපත් ලෙස සැලකීම ලෙස පෙනෙන දේ පිළිබඳ අපට ලැබී ඇති විස්තරයෙන් කමිටුව දැඩි ලෙස කම්පනයට පත්ව ඇත. විකල්ප වාර්තා විශාල සංඛ්‍යාවකින් අපට ලැබී ඇති විස්තරයෙන් කමිටුව දැඩි ලෙස කම්පනයට පත් වී ඇති අතර, දරුවන් ඇතුළු පලස්තීනුවන්ට ක්‍රමානුකූලව හා පුළුල් ලෙස වධහිංසා පැමිණවීම සහ අයහපත් ලෙස සැලකීම මෙමගින් ඔප්පු වී ඇති බව පෙනේ,” යනුවෙන් එම සංවිධානයේ වාර්තාකරු පීටර් වෙඩෙල් කෙසිං පැවසීය.
ජිනීවාහි වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් 10 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ඉදිරියේ ඊශ්‍රායල නිලධාරීන් 28ක් පෙනී සිටියහ.
විශේෂඥයින් ඊශ්‍රායල කණ්ඩායමෙන් විමසුවේ: “වධහිංසා පැමිණවීමට එරෙහිව ඊශ්‍රායලයට නීතියක් තිබේද?” යන්නයි
ඊශ්‍රායල නියෝජිත පිරිසෙන් ලැබුණු පිළිතුර වූයේ “නැත” යන්නයි.
“ඊශ්‍රායලය ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වධහිංසා පැමිණවීමට එරෙහිව අත්සන් කර ඇති ගිවිසුම් ක්‍රියාත්මක කරනවාද?” යන ප්රශ්නය දිගටම පැවතුන අතර එයට ද ඊශ්‍රායලයේ පිළිතුර වූයේ ද නැත යන්නයි.
කමිටුව ඊශ්‍රායලයට බහුවිධ වාර්තා සහ පලස්තීනුවන්ට එරෙහි උල්ලංඝනයන් පිළිබඳ දිගු ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. ඊශ්‍රායල නියෝජිත පිරිස ඒවායින් බොහොමයක් ප්‍රතික්ෂේප කළහ. සමහර අවස්ථාවල දී, සොල්දාදුවන් “ආත්මාරක්ෂාව” සඳහා ක්‍රියා කර ඇති බව එම ඊශ්‍රායල නියෝජිත පිරිස පැවසීය.
කෙසේ වෙතත් මේ වාර්තාවන් තුළින් පසුගිය වසර දෙකක යුද්ධයේදී පලස්තින සිවිල් ජනතාවට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නැවත නැවතත් චෝදනා රැසක් එල්ල වී ඇති බව පෙනේ.