ව්‍යසනය නිසා යුධ නෞකා නිරීක්ෂණය ‘කැන්සල්‘

gjx9bfnxwaawljd

ඉන්දියාව සහ පකිස්තානය ඇතුළුව රටවල් හතක යුද නෞකා 8 ක සහභාගිත්වයෙන් සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වූ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය අවලංගු කිරීමට සිදුවිය. ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට පැමිණි ඉන්දියාව සහ පකිස්තානය ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරත වීම විශේෂ තත්ත්වයකි. විශේෂයෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහයට අති විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.