දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය මත සියලු දිස්ත්‍රික්ක වල සෙවීම් කහ මුදවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට සක්‍රීයව සේවයේ යොදවා ඇත. ඒ අනුව, අවතැන් වුවන් සඳහා වන සුරක්ෂිතතා මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කර ඇති අතර, අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන වට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී.200 ඉක්මවූ තද වැසි තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.