වැලිගම වෙඩික්කරු කොටුවෙයි

weligama2

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.රාජ්‍ය බුද්ධි අංශයේද සහය ඇතිව මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරව ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු මීට පෙර වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී අත්අඩංගුවට ගත් අතර,එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ය. ඔහු ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.මොහු වෙඩිතැබීමට පෙරදින වෙඩික්කරුවන් සමග ගාල්ල හා මාතර ප්‍රදේශයන් වෙත ගොස් ඇති බවද සඳහන්.එමෙන්ම වෙඩික්කරුවන් විසින් මෙම සැකකරුට රුපියල් 20,000ක මුදලක් ලැබී ඇති බව සඳහන්. ඔවුන් අතර කාන්තාවක්ද සිටී.