අතිනවීන සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා Meta සමාගමට අයත් WhatsApp ආයතනය “Strict Account Settings” නමින් නව ඉහළ ආරක්ෂක විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම විශේෂාංගය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ සයිබර් ප්‍රහාරවලට ලක්වීමට වැඩි ඉඩකඩක් ඇති මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් ඉලක්ක කරගනිමිනි.
මාධ්‍ය ගොනු අවහිර කිරීම, නොදන්නා ඇමතුම් නිහඬ කිරීම, Link Preview අක්‍රිය කිරීම, ඇමතුම්වල රහස්‍යභාවය ආරක්ෂා කිරීම වැනි කාර්යයන් මෙමගින් සිදු වේ.
මෙම විශේෂාංගය මගින් දැඩි ආරක්ෂාවක් සැපයුවද, ඒ හරහා සමහර යෙදුම්වල (App) සාමාන්‍ය ක්‍රියාකාරකම් සීමා විය හැකි බව WhatsApp ආයතනය පවසයි.