ජෙඩා කොන්සල් ලෙස ලෆාර් තහීර් පත්කෙරේ

1001067723

සෞදි අරාබියේ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තනතුරට විශ්‍රාමික අභියාචනාධිකරණ අගවිනිසුරු ලෆාර් තහීර් මහතා පත් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මීට පෙර, විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධතා සහ අදහස් සමාලෝචනය කිරීමෙන් පසු, ජෙඩා හි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස මුස්ලිම් නොවන අයෙකු පත් කිරීමේ තීරණය අත්හිටුවන ලදී.
ජෙඩා වැනි ආගමික හා සමාජීය වැදගත්කමක් ඇති ස්ථානයකට සුදුසු නියෝජිතයෙකු පත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ජාතික මහජන බල පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් එය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානයට යොමු කර තිබුණි.

බස්නාහිර ආණ්ඩුකරුගෙත් අවධානය

hanif yusuf 1 1024x683

මේ වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේද අවධානය යොමු වූ අතර මේ පිළිබඳව ඔහු ජනාධිපතිවරයා සහ විජිත හේරත් අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ඇත.ආගමික වැදගත්කමක් සහිත ස්ථානයකට ඊට අදාල පාර්ශවයේ අයෙකු පත් කිරීමේ වැදගත්කම එහිදී ආණ්ඩුකාරවරයා විසින් අවධානය යොමුකොට ඇත.
මෙයින් පසුව, දිගු නීති අත්දැකීම් සහ පරිපාලන කුසලතා ඇති විශ්‍රාමික විනිසුරු ලෆාර් තහීර් ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසන් තීරණයක් ගෙන තිබේ.
මෙම පත්වීම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවශ්‍යතා සහ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ ගැන පෙර ප්‍රවෘත්තිය