සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් කබීර් හෂීම් කමිටු වාර්තාව ලැබුණු පසු එහි ඉදිරි කටයුතු සියල්ල තමා යටතට ගැනීමට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස තීරණය කොට ඇත.
ඒ අනුව ඉදිරියේදී තවදුරටත් මේ සාකච්ඡා සම්බන්ධයෙන් කමිටුපත් නොකිරීමටත්, කිසිවකු සමඟ රහස් සාකච්ඡා නොපැවැත්වීමටත් සියලු කටයුතු එළි පිට සිදු කිරීමටත් සජිත් ප්‍රේමදාස තීරණය කොට ඇති බව වාර්තාවේ.