ගල්කිස්ස අධිකරණ පරිශ්රය තුළදී පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර විසින් නීතීඥ ගුණරත්න වන්නිනායකට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.
සිදුවීම සමථයට පත් කර ගැනීමට නීතිඥ ගුණරත්න වන්නිනායකගේ කනිෂ්ඨ නීතිඥයා වන සජිත ඇන්ටනි වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ ශානක රණසිංහ එකඟ වූ නමුත්, සිදුවීම සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට මහේස්ත්රාත්වරයා නියම කරනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.
කොස්තාපල්වරයා වෙනුවෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාර කරුණු දැක්වූවා.
ඔහු මේ වන විට එම තතතුරින් මාරු කර යැවීමට පොලිස්පතිවරයා තීන්දු කර තිබෙනවා.අදාල පොලිස් නිළධාරියාට ඇප ලැබීමත් සමග සෑහෙන පිරිසක් ඒහුව පිළිගැනීමට පැමිණ සිටි අතර ඔවුන් ඔහු ඔසවාගෙන ගියා.



