අර්චුනා තලපති හමුවෙන්න දෙන්නායි ගිහින්

sri lankan mp ramanathan arjuna states that cm vijays service is needed by all tamil speakers

තමිල්නාඩු ජනතාව සිදුකළ මෙම ඓතිහාසික දේශපාලන පෙරළිය පිළිබඳව තමන් මුල සිටම විශ්වාස කළ බවත්, බලගතු දේශපාලන විචාරකයින් පවා මවිත කරමින් ජනතාව මෙම තීන්දුව ගෙන ඇති බවත් පවසමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) හමුවීමේ අරමුණින් මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර සංචාරයක නිරත වෙයි. කෙසේ වෙතත්, මේ දක්වා මන්ත්‍රීවරයාට මහ ඇමති විජේ මහතා හමුවීමට අවස්ථාවක් හිමිව නොමැති අතර, TVK පක්ෂයේ අමාත්‍ය රාජ්මෝහන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

විජේ මහතා මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාව සජීවීව දැකබලා ගැනීමට තමන්ට දැඩි ආසාවක් තිබූ නමුත් මෙරට පාර්ලිමේන්තු කටයුතු හේතුවෙන් එය මගහැරුණු බව පවසයි.