ඒෂියා ඇසට් ෆිනෑන්ස් ‘හෙටට අටක්’ තුළින් කයිට්ස් හි විශිෂ්ට දස්කම් පෑ ශිෂ්‍යාවකට අතහිත දෙයි

whatsapp image 2026 05 19 at 12.42.53 pm

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගම, සම්මානනීය තිරසාර සහ ප්‍රජා සත්කාරක මුලපිරීමක් වන “Asia Asset Clean Sri Lanka – හෙටට අටක්” වැඩසටහන හරහා, පසුගියදා පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය (Biotechnology) විෂය ධාරාවෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය (No. 1 Rank) සහ දිවයිනෙන්ම 27 වන ස්ථානය (27th Rank) දිනාගනිමින් විශිෂ්ට අධ්‍යයන ජයග්‍රහණයක් අත්කරගත් කයිට්ස් (Kayts) ප්‍රදේශයේ පදිංචි කිෂානි (Kishani) ශිෂ්‍යාව වෙත සිය සහයෝගය ලබා දී ඇත.

මෙම වැඩසටහනේ පියවරක් ලෙස, කිෂානිගේ සුවිශේෂී දක්ෂතාව ඇගයීමට ලක් කරමින් සහ ඇගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සඳහා දායකත්වයක් වෙමින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම විසින් ඇයට නවතම ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කරන ලදී. සැබෑ තිරසාරභාවය යනු හුදෙක් පාරිසරික වගකීමෙන් ඔබ්බට ගොස්, රටේ අනාගතය හැඩගස්වන මිනිසුන් සවිබල ගැන්වීම ද ඇතුළත් විය යුත්තක් බව සමාගම තරයේ විශ්වාස කරන බව මෙම පරිත්‍යාගයෙන් පිළිඹිබු වේ.

මෙම ප්‍රජා සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි තිරසාරත්ව අංශ ප්‍රධානී (Head of Sustainability) යුවනි ඩයස් මෙනවිය මෙසේ ප්‍රකාශ කළාය:

“‘හෙටට අටක්’ වැඩසටහන හරහා අපගේ දැක්ම වී ඇත්තේ සැමවිටම අර්ථවත්, ප්‍රායෝගික මෙන්ම දිගුකාලීන බලපෑමක් ඇති කරන කාර්යයන් ඉටු කිරීමයි. කිෂානි වෙත සහය වීම යනු ඇගේ විශිෂ්ට අධ්‍යයන දක්ෂතාව ඇගයීමක් පමණක් නොව, ඇයට නව අවස්ථා උදාකර දීමක් ද වෙනවා. අප තරුණ පරපුර නිවැරදි මෙවලම්වලින් සවිබල ගන්වන විට, එය පවුල්, ප්‍රජාවන් සහ සමස්ත රටම නගාසිටුවන අනාගතයක් වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක්.”

පිරිසිදු හා වඩාත් වගකිවයුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් යුතුව ඇරඹි ‘හෙටට අටක්’ වැඩසටහන, මේ වන විට අර්ථවත් සහ තිරසාර ප්‍රජා සත්කාරයන් සිදු කරන පුළුල් ව්‍යාපාරයක් ලෙස පරිණාමයට පත්ව ඇත. මෙම මුලපිරීම ඔස්සේ ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම පාරිසරික ආරක්ෂණය, අධ්‍යාපනය, ප්‍රජා සුබසාධනය සහ සමාජය සවිබල ගැන්වීම වෙනුවෙන් අඛණ්ඩව දායකත්වය සපයයි.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමට අනුව, කිෂානිට සහය වීම හුදෙක් ඇගේ අධ්‍යයන විශිෂ්ටත්වය ඇගයීමක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ විභවය (Potential) සහ අනාගතය වෙනුවෙන් කරන ලද ආයෝජනයකි. වර්තමාන ඩිජිටල් සහ දැනුම මත පදනම් වූ ලෝකය තුළ, දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට, අවස්ථා පුළුල් කරගැනීමට සහ විශ්වාසයෙන් යුතුව තම අරමුණු කරා යාමට තාක්ෂණයට ඇති ප්‍රවේශය (Access to technology) බෙහෙවින් වැදගත් වේ.

කොළඹ වැනි ප්‍රධාන නාගරික කලාපවලින් බැහැරව, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මතුවන තරුණ දක්ෂතාවල ශක්තිය කිෂානිගේ මෙම ජයග්‍රහණයෙන් මනාව පැහැදිලි වේ. තරුණ පරපුරට අවශ්‍ය දිරිගැන්වීම් සහ මෙවලම් නිසි පරිදි ලබා දෙන්නේ නම්, රටේ ඕනෑම ප්‍රදේශයක සිටින දරුවෙකුට වුවද තමන්ගේ සහජ හැකියාව, කැපවීම සහ අධිෂ්ඨානය තුළින් ඉහළටම යා හැකි බව ඇගේ සාර්ථකත්වය කියාපාන කදිම නිදසුනකි.

වසර 55කට අධික ප්‍රෞඩ ඉතිහාසයක්, දිවයින පුරා විහිදුණු 100කට අධික ශාඛා ජාලයක්, රුපියල් බිලියන 50කට වැඩි වත්කම් පදනමක්, Fitch A+ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීමක් සහ මුතුට් ෆිනෑන්ස් (Muthoot Finance) සමාගමේ මූල්‍ය අනුග්‍රහය සහිතව, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මූල්‍ය සේවාවලින් ඔබ්බට ගිය වටිනාකමක් නිර්මාණය කරමින්, වගකිවයුතු මූල්‍ය ආයතනයක් ලෙස තම භූමිකාව තවදුරටත් තහවුරු කරයි.

තම ‘හෙටට අටක්’ වැඩසටහන ඔස්සේ තිරසාර බලපෑමක් ඇති කරන, ප්‍රජාවන් ශක්තිමත් කරන සහ ජාතික ප්‍රගතියට අර්ථවත් ලෙස දායක වන කාර්යයන් කෙරෙහි සමාගම නිරන්තර අවධානය යොමු කරයි. කිෂානි වැනි විශිෂ්ට දස්කම් දක්වන තරුණ තරුණියන් දිරිමත් කරමින්, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ අනාගත නායකයින්, අධ්‍යාපනය සහ ඔවුන්ගේ අවස්ථාවන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරනු ලබයි.

Asia Asset Finance Supports Island-Ranked Student from Kayts through Hetata Atak

whatsapp image 2026 05 19 at 12.42.53 pm

Asia Asset Finance PLC, through its award-winning sustainability and community impact initiative Asia Asset Clean Sri Lanka – Hetata Atak, recently extended support to Kishani from Kayts, who achieved an outstanding academic milestone by securing No. 1 Rank in the Jaffna District and 27th Rank Islandwide in the G.C.E. Advanced Level Biotechnology stream.

As part of this initiative, Asia Asset Finance donated a brand-new laptop to Kishani, recognizing her remarkable achievement and supporting her future educational journey. The donation reflects the Company’s belief that true sustainability goes beyond environmental responsibility and must also include empowering the people who will shape the future of the nation.

Commenting on the initiative, Yuveni Diaz, Head of Sustainability at Asia Asset Finance PLC, stated, “Through Hetata Atak, our vision has always been to create impact that is meaningful, practical, and long-lasting. Supporting Kishani is not only about recognizing an outstanding academic achievement, but also about enabling access to opportunity. When we empower a young person with the right tools, we are investing in a future that can uplift families, communities, and the country as a whole.”

Hetata Atak, which began as a purpose-driven platform to support a cleaner and more responsible Sri Lanka, continues to evolve as a broader movement focused on meaningful and lasting community impact. Through this initiative, Asia Asset Finance has consistently supported projects connected to environmental protection, education, community wellbeing, and social empowerment.

For Asia Asset Finance, supporting Kishani is not merely a recognition of academic excellence. It is an investment in potential, access, and the future of Sri Lanka’s next generation. In an increasingly digital and knowledge-driven world, access to technology plays an important role in helping talented students continue their education, expand their opportunities, and pursue their ambitions with confidence.

Kishani’s achievement is especially significant as it reflects the strength of talent emerging from communities across Sri Lanka, including areas outside the country’s main urban centers. Her success is a powerful reminder that ability, discipline, and determination can rise from any part of the nation when young people are given the encouragement and tools they need to move forward.

Backed by over 55 years of legacy, a network of 100+ branches islandwide, an asset base of over Rs. 50 billion, Fitch A+ strength, and the backing of Muthoot Finance, Asia Asset Finance PLC continues to reinforce its role as a responsible financial institution committed to creating value beyond financial services.

Through Hetata Atak, the Company remains focused on initiatives that create sustainable impact, strengthen communities, and contribute meaningfully to national progress. By supporting young achievers such as Kishani, Asia Asset Finance PLC continues to invest in education, opportunity, and the future leaders of Sri Lanka.