ඊමේල් ගිණුමක් බාහිර බලපෑමකට ලක්වීම හේතුවෙන් වංචනික ගනුදෙනුවක් සිදුවීම සහ ඉන්දියාවේදී සිදු වූ මුදල් වංචාවේ අලාභය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ගිණුමට තවදුරටත් ගෙවීම් නතර කළ බවත්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) ඇතුළුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ට මේ පිළිබඳ වාර්තා කළ බවත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.
ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර, සේවා සපයන්නාගේ විදත් තැපැල් පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් වංචාව සිදුවී ඇති බැවින්, අතුරුදන් වූ අරමුදල් සඳහා තමන් වගකිවයුතු නොවන බවත් ගුවන් සමාගම ද ප්‍රකාශ කර සිටියි.
තවත් සිදුවීමකදී, චෙන්නායි කාර්යාලයේ මූල්‍ය අංශයේ සේවය කරන ඉන්දියානු සේවකයන් කිහිපදෙනකු කාලයක සිට රුපියල් මිලියන 22ක් පමණ අනිසි ලෙස භාවිත කර ඇති බවට ගුවන් සමාගම හෙළිකරයි.
ඉන්වොයිසි, ගෙවීම් විස්තර සහ අත්සන් වංචනික ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසන්නේ, මෙම කාරණය එහි කොළඹ ප්‍රධාන කාර්යාලය විසින් අනාවරණය කරගෙන ඇති අතර දැන් වැඩිදුර විමර්ශන සඳහා ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට භාර දී ඇති බවත් එම නිවේදනයේ දක්වා ඇත.
ඩුබායි පදනම් කරගත් සේවා සපයන්නකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 974, 000 ක ගෙවීමක් ලැබී නොමැති බව ඔවුන්ට දැනුම්දුන් බවත් පරීක්ෂණයකින් පසු, සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් ගිණුම තෙවැනි පාර්ශ්වයක් විසින් හැක්කර ඇති බවට සොයාගෙන ඇති බවත් එම නිවේදනයේ දක්වා ඇත.