ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට සැකකාරියක ලෙස නම්කර සිටින ඉෂාරා සිව්වන්දි සහ තවත් මෙරට පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.