පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී බරපතල අක්රමිකතාවයන් රැසක් සිදුකල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (15) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේවෙතත් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (14) දින නිෂ්ප්රභා කර තිබුණා.
මීට පෙර විවිධ සමාජ මාධ්‍ය නාලිකාවල මනුෂ නානයකාර මහතා අමාත්‍යධුරයේ සිටින සමයේ දී, ඔහු විසින් සහ ඔහුගේ අමාත්‍යංශය සතු ආයතන සඳහා පත්කළ සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ විවිධ අක්‍රමිකතා සහ නොමනා ක්‍රියාවන් පිළිබඳව තොරතුරු අනාවරණය කරනු ලැබුවා.
ඒ අතරින් SL Deshaya යූ ටියුබ් නාලිකාව විසින් සිදුකළ අනාවරණ කිහිපයක්,
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් ආයතනයක් තෝරා ගැනීමේදී ඒ සඳහා ඉදිරිපත් වූ ආයතනයක් වෙතින් මුදල් ඉල්ලා සිටීම සහ එම ප්‍රසංපාදන ක්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්ව කටයුතු කර, එසේ තෝරා ගත් අදාළ ආයතනයෙන් රුපියල් ලක්ෂ 43ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය රජය සමයේ මනූෂ නානායක්කාරගේ බොහෝ ව්‍යාපෘති සමග ඔහු කටයුතු කළ අතර අවිධිමත් ශ්‍රමිකයන් සම්බන්ධ “ගරු සරු” සහ “ජයගමු ශ්‍රී ලංකා” වැනි වැඩසටහන් ද ඒ අතර වේ.
මිට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (cope commitee) විසින්ද මනුෂ නානායක්කාර මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා සිටි සමයේ එම අමාත්‍යංශයට අයත් ආයතන වල සිදු වූ අක්‍රමිකතා පිළිබඳව අනාවරණය කරනු ලැබුවා.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන තොරතුරු වලට අනුව මනුෂ නානායක්කාර මහතා අද දින අත්අඩංගුවට ගත්, ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේ සිදුවීමට අමතරව ඉදිරියේදී තවත් පරීක්ෂණ කිහිපයක්ම සිදුවීමට නියමිතය.