“ඔප්පු” දුන්න බව ඔප්පු කරන්නයි මනෝගෙන් අභියෝගයක්!

Mano Ganesan

වත්මන් ආණ්ඩුව විසින්, ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ වතු ප්‍රතිලාභීන් 2,000 කට වැඩි පිරිසකට නිවාස සහ ඉඩම් ඔප්පු නිකුත් කිරීමේ වැඩසටහන විපක්ෂ මන්ත්‍රී මනෝ ගනේෂන් විසින් අභියෝගයට ලක් කර තිබෙනවා.

X (Twitter) සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරන්නේ රජය විසින් වතු ජනතාවට ලිපියක් පමණක් නිකුත් කර ඇති බවත් මේ වන තෙක් නව නිවාස ඉදිකරමක්, ප්‍රතිලාභීන් සඳහා ඉඩමක් හඳුනා ගැනීමක්, නිවාස ඉදිකිරිම සඳහා අත්තිවාරම් දැමීමක් හෝ සිදුකර නොමැති බවත්ය.

ඔහු තවදුරටත් කියා සිටින්නේ මෙම උත්සවය ආණ්ඩුවේ ප්‍රචාරණ ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි