අච්චාරු සන්ධාන බෑ කියා සමගි සාකච්ඡා කොට උඩ!

ranil wickremesinghe and sajith premadasa

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකමුතුවක් සඳහා වන සාකච්ඡා අසාර්ථක වෙමින් පවතින බව අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තා වෙනවා.

විශේෂයෙන්ම සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ පමණක් එකතුවීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතිි අතර පොහොට්ටුව ඇතුළු වෙනත් පාර්ශ්ව සමඟ එකතුවීමක් පිළිබඳව සමගි ජන බලවේගයේ අභ්‍යන්තරය තුළ බරපතළ ප්‍රතිවිරෝධතාවයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ විතත් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටින්නේ විපක්ෂයේ සියලූ පක්ෂ සමඟ සමඟ එකතු වූ සන්ධානයක් නිර්මාණය කළ යුතු බවයි. එයට පොහොට්ටුව ඇතුළු වෙනත් පාර්ශව ද ඇතුළත් බවයි වාර්තා වෙන්නේ.

එළඹෙන පළාත් සභා මැතිවරණයට විපක්ෂයේ සියලූම දෙනා එකතු වී සන්ධානයක් නිර්මාණය කළහොත් එය ජයග්‍රහණය කළ හැකි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නවීන් දිසානායක පවසනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන මරික්කාර් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එවැනි අච්චාරු සන්ධානයකට සමග ජන බලවේගය සූදානම් නැති බවයි.