ශ්‍රේෂ්ඨාධිකරණය විමල්ගේ පෙත්සම් විසිකරයි

supreme court dismisses Wimal's petition

ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම (MOU) අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ අමානි රිෂාඩ් හමීඩ් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහත්මිය ප්‍රධානත්වයෙන් යුත් තුන් දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ ව්‍යවස්ථාපිටයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් බවත්, ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුම ව්‍යවස්ථාදායක බලතල උල්ලංඝනය කරන බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණා.කෙසේ වෙතත්, අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරුමඩුල්ල විසින් පෙත්සම්කරුවන්ගේ තර්ක ප්‍රමාණවත් නොවන බව පවසමින් පෙත්සම් දෙකම බැහැර කරකරනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් පුරවැසියන් සඳහා නවීන ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ යටතේ තාක්ෂණික සහාය සඳහා ඉන්දියානු රජය සමඟ මෙම අවබෝධතා ගිවිසුමට එළඹ තිබෙන අතර මෙම තීන්දුව ශ්‍රී ලංකා-ඉන්දීය ද්වි පාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන අතර, නවීන තාක්ෂණික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙමගින් රජයට අවශ්‍ය නීතිමය ආරක්ෂාව සපයයි