අවුරුදු තුනකට පස්සේ අර්ජුන මහේන්ද්‍රන් එලියට (PHOTOS)

arjuna mahendran

බොන්ඩ් හොරා, මහ බැංකු මහා මංකොල්ලයේ මහා මොලකරු නොහොත් රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වසර ගණනාවකට පසු නැවතත් මාතෘකාවක් වී තිබෙනවා, ඒ විදේශ රටවල සිටින අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමත් සමඟයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුනේ බොන්ඩ් හොරා නොහොත් අර්ජුන මහේන්ද්‍රන් වසර තුනකට පසු ඔහුට දුරකථන ඇමතුමක් දුන් බවත්, ඇත්තවශයෙන්ම මහා බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ බව ඔහු විසින් ප්‍රකාශ කළ බවත්ය.

whatsapp image 2025 10 17 at 7.49.45 pm (1)

උවිඳු කුරුකුලසූරිය

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් මැතිවරණ වේදිකාවේ දී ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වන්නේ මහා බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලුදෙනා අධිකරණය හමුවට රැගෙනවිත් ඔවුන්ට දඬුවම් දෙන බවයි.

පසුගිය ආණ්ඩු විසින් මහා බැංකු මංකොල්ලය පිළිබඳව විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ සාකච්ඡා සහ විමර්ශන ආරම්භ කළ නමුත් එවකට මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන එන තුරු විමර්ශන කටයුතු නැවතී ඇත. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කළ විමසීමක දී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුනේ අර්ජුන මහේන්ද්‍රන් සමිපතමයෙකුගේ විවාහ උත්සවයක් සඳහා විදෙස් ගත වී සිටින බවත් ඔහු ඉක්මනින් නැවත මෙරටට පැමිණෙන බවත්ය.