චීනයේ දෙවන ඉහළම තනතුර දරන ජෙනරාල් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අට දෙනෙකු දූෂණයට සම්බන්ධ බරපතල වැරදි ක්‍රියා සිදු කළ බවට අනාවරණය වීමත් සමඟ පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් සහ හමුදාවෙන් නෙරපා හැර ඇති බව චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
මෙම චෝදනා යටතේ ඉවත් කරනු ලැබූ මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ උප සභාපති වූ හී වෙයිඩොං චීන හමුදා නායකයින්ට එරෙහි පවතින දූෂණ විරෝධී ව්‍යාපාරය මගින් මෙතෙක් ඉලක්ක වූ ඉහළම නිලධාරියා වේ.

මෙම නිලධාරීන් නව දෙනා අසාමාන්‍ය ලෙස විශාල මුදල් අගයන් සම්බන්ධ අතිශයින් බරපතල අපරාධ සිදු කළ බවට සැක කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක ෂැං-ෂියාඕගැං අන්තර්ජාලයේ පළ කළ ප්‍රකාශයක සඳහන් විය.
ඔවුන්ගේ නඩු විමර්ශනය කර හමුදා අභිචෝදකයින් වෙත සමාලෝචනය සහ නඩු පැවරීම සඳහා යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
