ඉෂාරා සෙව්වන්දිට පලායාම සඳහා සහාය වූ දෙදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “ගනේමුල්ල සංජීව” නොහොත් සංජීව කුමාර සමරරත්නගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ඉෂාරා සේව්වන්දිට සහාය වූ බවට චෝදනා ලැබ ඇති පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරනවා.

වැල්ලිපැන්න ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 31 හැවිරිදි මස්සිනා වන සැකකරුවන් දෙදෙනා පිළිවෙළින් ඔක්තෝබර් 16 සහ 17 වන දින අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය ප්‍රකාශ කරන්නේ 2025 පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමෙන් පසු සේව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට මෙම පුද්ගලයින් දෙදෙනා උපකාර කර ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ඉෂාරා සෙව්වන්දි සඟවාගෙන සිටීම පිළිබඳව ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

මේ දක්වා පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති කරුණු:

නේපාල මෙහෙයුම:

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පැලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා නේපාලයට ගියේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙගේ කල්ලියේ සහචරයෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සේව්වන්දි සිටි ස්ථානය හෙළි හෙළිවිය.

ඉකුත් ඔක්තෝබර් 14 වන දින නේපාල පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ ආධාර ඇතිව රැඳී සිටි නිවසේ දී ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අත්අඩංගුවට ගත අතර සේව්වන්දි කිසිදු විරෝධයකින් තොරව නිලධාරීන්ට යටත් විය. ඇය මෙම අවස්ථාවේ දී කවදා හෝ දවසක අත්අඩංගුවට ගැනෙනු ඇතැයි අපේක්ෂා කළ බව නිලධාරීන්ට පැවසීය.

වැටලීමේ දී J.K. බායි, සුරේෂ්, තක්ෂි, ගම්පහ බබා සහ ජඹුගස්මුල්ලේ බබී ඇතුළු තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී ඔවුන් සියල්ලෝම සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයින් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.