අමාත්‍ය බිමල් රත්නායක චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් හමුවෙයි

Bimal Rathnayake

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කරන ලද සංචාරයක් අතරතුර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ, ගුවාංෂි කමිටුවේ ලේඛකාධිකාරී චෙන් ගෑං සහ තවත් පළාත් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

මේ පිළිබඳව සටහනක් තබමින් බිමල් රත්නායක මහතා සමාජ මාධ්‍ය තුළ පළකර තිබූ අදහස්,

චීන කොමියුනිට්ස් පක්ෂය විසින් සංවිධානය කරන ලද චීන සංචාරයේ දී, පසුගිය 12 වන දින චීන කොමියුනිට්ස් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග් සහ තවත් එම ප්‍රාන්තයේ නිළධාරීන් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමට ඉඩ ලැබුණි …!

ගුවන්ෂි ප්‍රාන්තයේ විශේෂත්වය පිලිබඳවත් එම කළාපයෙ හි ජීවත් වන ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිළිබදවත් එහි දී සාකච්ඡා කෙරුණි …!

විශේෂයෙන්ම මේ වන විට ලෝකය අත්පත් කර ගනිමින් ඉන්නා වූ කෘතිම බුද්ධිය හරහා කර්මාන්ත සහ සේවා සැපයීමේ නව තාක්ෂණයන් පිළිබදවත් අග්නිදිග ආසියානු කලාපය තුල සහයෝගීතාවය ප්‍රවර්ධනය කරලීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදවත් වැඩි දුරටත් සාකච්ඡා කිරීමට අපට ඉඩ ලැබුණි …!!

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කරන ලද මෙම නිල සංචාරය, ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කරන ලද අතර ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම සංචාරය ඔස්සේ මඟ පෑදෙනු ඇති බවයි සඳහන් වන්නේ.