මේ වෙනකොට ලංකාව තුළ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය ජාලය ඉවත් කිරීමටත් පාතාලය අවසන් කිරීමටත් ජනාධිපති අනුව දිසානායක තීරණය කොට තිබේ.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “රටම එකට” යන මැයෙන් විශේෂ ජාතික සභාවක් ද පත්කොට ඇත.
මේ අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විශේෂ විමර්ශන අංශ රැසක් අවධාරණය කොට තිබේ.
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ කටයුත්ත ලේසි පහසු නොවන බවත්, එහෙත් ජනාධිපතිවරයා මේවා මුලින් උපුටා දැමීමට කටයුතු කිරීම හේතු කොට ගෙන ඔහු ආරක්ෂා කිරීම වෙනුවෙන් පුළුල් ක්‍රියාමාර්ග ගතයුතු බවටත් මේ වන විට අවධානය යොමුවී තිබේ.
පහුගිය වකවානුව තුළ ශ්‍රී ලංකාවට ටොන් ගණනින් මත්ද්‍රව්‍ය ගෙන්වීමට සහ ප්‍රති අප්‍රනායනය කිරීමට ඇති ප්‍රධානතම මධ්‍යස්ථානය බවට පත්ව තිබූ අතර ඒ හරහා ගොඩනැගුණු ජාත්‍යන්තර ජාලයන් විශාල ප්‍රමාණයක් තිබේ.කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ වැටලීම් අංශ හේතු කරගෙන එයින් සියයට පනහක පමණ ප්‍රමාණයක් මේ වන විටත් අඩ පණ වී ඇත.