ට්‍රම්ප්ට එරෙහි “No Kings” විරෝධතා ඇමරිකාව පුරා පැතිරයයි (VIDEOS & PHOTOS)

No Kings


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට එරෙහිව ඊයේ දිනයේ සිට ඇමරිකා එක්සත් ජනපදය පුරා “No Kings” (රජවරු නැත) ව්‍යාපාරය යටතේ විශාල විරෝධතා ප්‍රමාණයක් පැවැත්විණි.

වොෂින්ටන් ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ල, නිව්යෝර්ක්හි ටයිම්ස් චතුරශ්‍රය, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, මියාමි සහ ඔස්ටින් ඇතුළු ප්‍රධාන නගරවල මේ ආකාරයේ විරෝධතා පවත්වා ඇති අතර වාර්තාවලට අනුව ප්‍රාන්ත 50ක් පුරා විරෝධතා වැඩසටහන් 2,700කට වැඩි ප්‍රමාණයක් සැලසුම් කර තිබුණි.

විරෝධතාකරුවන් “රජවරු නැත, oligarchs නැත” සහ “මම කිසිදු රජෙකුට පක්ෂපාතී නොවෙමි” යන පණිවිඩ සහිත පුවරු ප්‍රදර්ශනය කළේය.

ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහි මෙම විරෝධතා වෙනුවෙන් “No Kings” වෙබ් අඩවියක් ද පිහිටුවා ඇති අතර එහි සිංහාසන නැත. ඔටුනු නැත. රජවරු නැත යනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙන අතර වෙබ් අඩවිය හරහා ඔවුන් ප්‍රකාශ කරන්නේ, “ජනාධිපතිවරයා සිතන්නේ ඔහුගේ පාලනය නිරපේක්ෂ බවයි. නමුත් ඇමරිකාවේ අපට රජවරු නැත. අපි දූෂණය සහ කුරිරුකමට එරෙහිව පසුබට නොවෙමු” යනුවෙනි.

“No Kings” වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න