ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් (FUTA) අතර සාකච්ඡා

FUTA

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය (FUTA) සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපාන ප්‍රධාන ගැටලු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ජනාධිපතිවරයා අතර දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල වළ පවතින අභියෝග, අධ්‍යාපන නිදහස, අරමුදල් හිඟය, අධ්‍යාපනික ගවේෂණ අවස්ථා සහ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකත්වය යන ආධී කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කළේය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම, අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සාධාරණ සේවා කොන්දේසි සහතික කිරීම සහ නවෝත්පාදන හා විවේචනාත්මක චින්තනය දිරිමත් කරන පරිසරයක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතිකිරීම සඳහා රජයේ කැපවී සිටින බවයි.

ජනතිපතිවරයා තවදුරටත් අවධාරණය කරමින් කියා සිටියේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගුකාලීන ගැටලු විසඳීමට සහ පද්ධතියට යථාර්ථවාදී සංශෝධන ගෙන ඒමට සියලු පාර්ශව සමඟ එක්ව ක්‍රියා කිරීමට රජය කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා සම්බන්ධ වූ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ (FUTA) නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයාගේ මෙම විවෘත සංවාදය පිළිබඳව සංගමයේ ස්තුතිය ප්‍රකාශ කළ අතර, රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංශෝධන වලට සහය දීමට සූදානම් බවයි.