මෙරට ප්‍රථමවරට Endoscopic Eustachian Tube Surgery සැත්කම හඳුන්වාදෙයි

Endoscopic Eustachian Tube Surgery

ශ්‍රී ලංකාවේ ප්‍රථම Endoscopic Eustachian Tube සැත්කම හඳුන්වා දෙමින් වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා පවසා ඇත්තේ,

“මීට පෙර, ශ්‍රවණාබාධිත රෝගීන්ගේ කන්වල සිරවී ඇති ශ්ලේෂ්මල සහ තරල ඉවත් කිරීමට ද්‍රව්‍ය නිස්සාරණය කිරීම සඳහා කන් බෙරයේ සිදුරක් සාදන ලද අතර, එම ක්‍රියාවලියේ දී බොහෝ විට කන් බෙරයට හානි සිදු විය. මෙම නව ක්‍රමය සමඟ, නාසික මාර්ගය හරහා කැමරාවක් ඇතුළු කරනු ලබන අතර, යුස්ටේචියන් නළය හරහා ශ්ලේෂ්මල සහ තරලය ඉවත් කරනු ලැබේ, මෙම ක්‍රමවේදය සඳහා ආසන්න වශයෙන් මිනිත්තු 30 ක් ගතවේ.”