වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය සඳහන් කරනවා. එතුමිය අවධාරණය කරන්නේ ආඝාත රෝගීන්ගෙන් 30%ක් පමණ අවුරුදු 20ත් 60ත් අතර වයසේ පසුවන අය බවත් වයස අවුරුදු 25ට වැඩි අයෙක්නම් දිනකට කෙටි වේලාවක් හෝ ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය බවත්ය.
ස්නායූ විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මේ බව සඳහන් කර ඇත්තේ ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දින සැමරුම වෙනුවෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති උත්සවයකට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුවට සහබාගී වෙමින්.
ඇවිදීම, ශරිරය වෙහෙසන තමන් කැමති ක්‍රීඩාවක්, පිහිනීම නැතිනම් පාපැදියක් පැදීම හෝ සිදු කිරීමද යෝග්‍ය බව ඇය වැඩිදුරටත් පැවසීය.