විවාදයකින් තොරව “රටම එකට” ජාතික මෙහෙයුමට එකතුවන්න – ජනපති මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලයි

රටම එකට

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (23) ජනපති ප්‍රදානත්වයෙන් පැවැත්විය.

570308605 1242347671258184 9064475101391562509 n

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් මෙම ජාතික කර්තව්‍ය සඳහා සියලු මාධ්‍යයේ දායකත්වය අපේක්ෂා කරනවා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේය.

“රටම එකට” ජාතික මෙහෙයුම සමාරම්භය ඔක්තෝබර් 30 වන දින පෙ.ව 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඊයේ දිනයේ දී පැවති මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ, විනෝදාස්වාද කර්මාන්තයට අදාළ ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.