පාතාල කෙරුමෝ දහයක් යුරෝපේ රැකවරණ අස්සේ!

europe

කංජිපානි ඉම්රාන්, කුඩු අංජු, රොටුඹ අමිල සහ රූබන් ආදීහු මෙසේ යුරෝපයට පැනගොස් සිටින පාතාලකරුවෝ වෙති. රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේ දී අත්අඩංගුවට ගත්ත ද මෙරටට භාර නොදුන් අතර ඔහු මේ වනවිට එරට දේශපාලන රැකවරණ ලබා සිටී.

ප්‍රබල පාතාල අපරාධකරුවන් බොහෝ දෙනකු එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ඔස්ට්‍රියාව ආදී යුරෝපීය රටවලට සංක්‍රමණය වී ඇති බවත් රත්ගම විදුර, කොස්ගොඩ සුජී, ලාල්, අන්නාසි මොරිල්, මොහොමඩ් සිද්ධික් වැනි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක් ද දැනට සිටින්නේ යුරෝපීය රටවල බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යුරෝපීය රටවල සිටින පාතාලකරුවන් පිරිසක් දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීමේ විශාල අභියෝගයක් මතුව ඇති බවයි. මේ අනුව යුරෝපයට පැන ගොස් සිටින පාතාලයන් සම්බන්ධයෙන් රජයට වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇතැයි විචාරකයෝ සඳහන් කරති.