සරසවි සිසුවාගේ බෑගයේ කෝටි ගානක හෂීස්

marijuana possession texas

 හෂීස් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී 21 හැවිරිදි කැනේඩියානු ජාතිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 182.5 ක් බව පැවසේ.විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව වාර්තා වන සැකකරු මධ්‍යම රාත්‍රියට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ EK-648 ගුවන් යානයෙන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (28) අලුයම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ගුවන්තොටුපොළේ ‘ග්‍රීන් චැනල්’ හරහා යෑමට උත්සාහ කළ අවස්ථාවේදීය.

පරීක්ෂා කිරීමේදී රේගු නිලධාරීන් ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබූ හෂීස් කිලෝග්‍රෑම් 18.253 ක් සොයාගෙන ඇත.

සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.