හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ පනතට අදාළ නඩුව සම්බන්ධයෙන් පවතින පැමිණිල්ල හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීමට නියමිතයි.
මෙම නඩුව කැඳවීමට නියමිතව ඇත්තේ එංගලන්තයේ ‘වුල් හැම්ප්ටන්’ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයක් වෙනුවෙන් දින එකහමාරක කාලයක් ඇතුළත රජයේ මුදල් රුපියල් කෝටි 1.5 කට අධික ප්‍රමාණයක් නාස්ති කරමින් රාජ්‍යයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට අදාළවයි.
රහස් පොලිසියට නියෝග කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිනයේ රාත්‍රී කාලයේදී අධිකරණය තුළ සිදුවූ කරුණු වීඩියෝ ගත කර ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් වහාම හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
තවද, එදින අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන පරිදි ජනතාව එක්රැස් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බලා ඔවුන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට හිටපු මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසිය වෙත උපදෙස් ලබා දී ඇත.
හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහි දූෂණ චෝදනා නඩුවක් ගොනුකිරිම සහ අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සැලකිය යුතු සිදුවීමක් වන අතර, රටේ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ උත්සාහයන්ගේ කොටසක් ලෙස මෙය සැලකේ