ලංකාවට රන් පදක්කම් ත්‍රිත්වයක් ගෙනදුන් ෆාතිමා

Fathima Shafiya Yamick


ෆාතිමා ෂෆියා යාමික් දකුණු ආසියානු ශූරතාවලියෙන් රන් පදක්කම් තුනක් දිනාගෙන තිබෙනවා.

ඉන්දියාවේ රංචි නුවර පැවති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශුරිනිය ෆාතිමා ෂෆියා යාමික් විශිෂ්ට ලෙස රන් පදක්කම් ත්‍රිත්වයක් රැගෙනවිත් තිබෙනවා.

ඇය දිනාගත් ජයග්‍රහණ

  1. මීටර 100 ඉසව්ව – කාලය: තත්පර 11.53
  2. මීටර 4×100 සහය ධාවන ඉසව්ව
  3. මීටර 200 ඉසව්ව – කාලය: තත්පර 23.58

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ක්ෂේත්‍රයේ අපූරු දක්ෂතා ප්‍රදර්ශනය කළ ෆාතිමා ෂෆියා යාමික්, මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ තම විශිෂ්ට දක්ෂතාව තහවුරු කරමින් දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව ලෙස තම ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.

මෙම රන් පදක්කම් ත්‍රිත්ව ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වන අතර වන අතර, මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සැලකිය යුතු මොහොතක් ලෙස සනිටුහන් වෙනවා.