ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල රු.300 මට්ටම පසු කර තිබෙනවා. මේ ආකාරයෙන් ශ්‍රී ලංකා රුපියල 300 අගය පසුකර තිබෙන්නේ 2024 සැප්තැම්බර මාසයෙන් පසුව බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන්නේ.
ඒ අනුව අද (28) දිනයේ විනිමය අනුපාත ලෙස මහ බැංකුව විසින් වාර්තා කරන්නේ මිලදී ගැනීමේ අනුපාතය: රු. 300.48 ලෙසත්
විකුණුම් අනුපාතය රු. 308.00 ලෙසත් ය.
මුදල් වෙළඳපොලේ මෑත ප්‍රවණතාවන් පරීක්ෂා කළ විට 2024 දෙසැම්බර් මාසයේ රුපියල රු. 285.94 දක්වා ශක්තිමත් වූ අතර
2025 ඔක්තෝබර් මාසය වනවිට රුපියල නැවතත් රු. 300 මට්ටම පසු කර තිබෙනවා.