වෙඩික්කරු අල්ලගෙන පොලිසිය මහරගම පාර මැද කරපු ප්‍රශ්න කිරීම වීඩියෝ කරලා සමාජ මාධ්‍යට දාපු අයට වැඩ වරදී

images (4)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයේ වෙඩික්කරු අල්ලා ගැනීම සමාජ මාධ්‍යට මුදාහැරීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්ශේෂ පරීක්ෂණ ඒකකයට භාරදී තිබෙන බව වාර්තා වේ.මිට අමතරව වෙඩික්කරු, ඔහුගේ බිරිඳ සහයදුන් යතුරුපැදිකරු හා ඔහුට නවාතැන් දුන් පුද්ගලයා පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගයක් ලබා දී තිබේ.

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කරගේ ඝාත­කයා දින දෙක තුනක් ඇතු­ළත නීතියේ රැහැ­නට හසු­කර ගන්නා බව මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී සඳ­හන් කළේ පසු­ගිය 23 වැනි­දාය. ඒ සම්බ­න්ධ­යෙන් වැද­ගත් තොර­තුරු ද ලැබී ඇති බව ඇමැ­ති­ව­රයා පැව­සීය.