නව අධිකරණ ස්ථාපිත කිරීමට ගොඩනැගිලි හතරක්

අධිකරණ

නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉඩ පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින‌ ගොඩනැගිලි කිහිපයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාර ව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ අනුව යමින් කඩිනමින් නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීම සඳහායි මෙසේ ගොඩනැගිලි 04 ක් ලබා දීම සඳහා කටයුතු කර ඇත්ත‍ේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සිය අමාත්‍යාංශය විසින් මෙම පියවර ගනු ලබන බවට අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.

ඒ අනුව,

  1. අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.
  2. අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. ‍
  3. අංක B 108, විජේරාම පාර, කොළඹ 07.
  4. අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07.

යන ගොඩනැගිලියි මෙසේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරනු ලැබ ඇත්තේ.