වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන දේශපාලන හා මාධ්‍ය සංදර්ශන බවට පත් කර ඇති බවත් පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මහජන නියෝජිතයකු ලෙස ජගත් විතාන ට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සේවාව ඉටු කිරීම මේ ප්‍රකාශ නිසා දැඩි අභියෝගයට ලක් ව ඇති බවත් ජගත් විතානගේ පුරවැසියකු වරප්‍රසාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වරප්‍රසාද පොලිස්පතිවරයාගේ වැරදි ප්‍රකාශ නිසා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පොලිස්පතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අපරාධකරුවන් සමඟ සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
එසේම ලක්ෂ 220ක් පුරවැසියන්ගේ ආරක්ෂාව ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකීම ගත යුතු බවත් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මන්ත්‍රිවරියන් සභාපතිවරුන්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ගේ මෙන්ම විපක්ෂයෙන් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.