වර්තමානය වන විට සමස්ත විපක්ෂයට සාධාරණ විවේචන කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි වී සිටින අතර ඔවුන් කරකියාගැනීමට කිසිවක් නොමැතිව සිටින බව අද (28) දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය සාකච්ඡාවේ දී වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය නිරන්තරයෙන්ම සිදුකරන විවේචන සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
වැලිගම සිද්ධියේදී සමස්ත විපක්ෂයම රජයට චෝදනා කරමින් සිටින වාතාවරණයක රජය තවමත් ඒ පිළිබඳව හරි ආකාරයෙන් පැහැදිලිකිරීමක් නොකර නිහඬව සිටින බව ප්‍රකාශ කරමින් මාධ්‍යවේදියා ප්‍රශ්නය කරනු ලැබුවා.
විපක්ෂය “ඔහේ මොනවහරි ගිරව් වගේ කියව කියව ඉන්නවා”
අමාත්‍යවරයා කියා සිටියේ රජය මේ වන විට වැලිගම සිද්ධියට අදාළව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඔවුන්ගේ චෝදනා බොරු බව ඔප්පු වී තිබෙන බවත් තවදුරටත් විමර්ශන මගින් සියල්ල හෙළිවෙමින් පවතින බවත්ය.
“තවලම ඉදිරියට ඇදෙනවා…,බල්ලෝ බුවරනවා…,ගනං ගන්නේ නෑ…..”
යනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.