මෙම වසරේ මූල්‍ය ක්‍රියාකාරිත්වයේ විශිෂ්ට වෙනසක්

A notable change in financial performance this year

මුදල් අමාත්‍යාංශයේ නවතම මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව, 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය තියුණු හැරීමක් පෙන්වා දුන් අතර, ශක්තිමත් බදු ආදායම සහ ආනයන පරතරය අවම කිරීම මගින් රජයේ ආදායම ඉහළ යාමෙන් මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට අයවැය හිඟය අඩකට වඩා අඩු වී තිබේ.

මේ වසරේ මූල්‍ය ක්‍රියාකාරිත්වයේ ඉදිරිගාමීත්වය මුදල් අමාත්‍යංශය කරුණු 7ක් මගින් පෙන්වා දී තිබේ.

  1. මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් කාලය දක්වා අයවැය හිඟය 54.5% අඩුවීමක්

අයවැය හිඟය රුපියල් බිලියන 441.4 දක්වා පහත වැටී ඇති අතර පෙර වසරේ එම කාලයේ රුපියල් බිලියන 970ක අයවැය හිඟයක් වාර්තා විය ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 54.5%කින් අඩු වීමක් දක්නට ලැබේ. මෙය රටේ මූල්‍ය විනය වැඩිදියුණු වීමේ ප්‍රධාන සලකුණකි.

  1. ප්‍රාථමික ගිණුම් අතිරික්තයේ දෙගුණයක වැඩි වීමක්

අතිරික්තය රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි වූ අතර ණය පොලී ගෙවීම් හැරනු විට මේ තුළින් වැඩිදියුණු වූ මූල්‍ය සමතුලිතතාවය පිළිබිඹු කරයි. මෙය මූල්‍ය ශක්තිමත් භාවය සනාත කරන ප්‍රධාන දර්ශකයකි.

  1. රාජ්‍ය ආදායම 31%කින් වර්ධනය වී ඇත.

පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම 31%කින් වැඩි වී ඇති අතර එම මුදල රුපියල් ට්‍රිලියන 3.83 දක්වා ඉහළ ගොස් ඇත. මෙය වැට් බදු එකතුකිරීමේ සහ ආනයන සම්බන්ධ එකතු කිරීම් වැඩි වීමේ ප්‍රතිපලයකි.

  1. රේගු දෙපාර්තමේන්තුවේ අදායම් ඉපයීමේ ඉලක්කයෙන් 80% කින් ඉහලට.

මේ වන විට රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 1.7ක මුදලක් උපයා ඇති අතර එමගින් වාර්ෂික ආදායම් ඉලක්කයන්ගෙන් 80%ක් සපුරා ඇති අතර මුළු බදු ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙයින් ලැබේ.

  1. රජයේ වියදම් 10%කින් වැඩි වී රුපියල් ට්‍රිලියන 4.3 දක්වා ඉහළ ගොස් ඇත.

පුනරාවර්තන වියදම්: රුපියල් ට්‍රිලියන 3.8
ප්‍රාග්ධන වියදම්: රුපියල් බිලියන 455
පොලී පිරිවැය: රුපියල් ට්‍රිලියන 1.9

  1. වාහන ආනයන බදු ආදායම 818% වර්ධනයක්

වාහන ආනයනවලින් ලැබුණු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 818%කින් ඉහළ ගොස් ඇත. එය පෙර වසරේ රුපියල් බිලියන 38 සිට රුපියල් බිලියන 349 දක්වා වැඩි වී ඇත.

  1. වාහන ආනයන වටිනාකම් ඇස්තමේන්තු නැවත සකස් කිරීම

මෝටර් වාහන ආනයනවල මුළු වටිනාකම වසර අවසානය වන විට ඩොලර් බිලියන 1.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර ඇස්තමේන්තුව වූයේ ඩොලර් බිලියන 1.2ක් පමණි.

ඒ අනුව IMF වැඩසටහනේ ඉලක්ක සමග 2026 අයවැය අනුමත කිරීමෙන් පසු ඩොලර් බිලියන 3ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඊළඟ වාරිකය නිදහස් කිරීම තීරණය කර ඇත.

ආර්ථික වර්ධනයේ ප්‍රධාන ලක්ෂණ
✅ අයවැය හිඟය අඩකට වඩා අඩු විය
✅ ප්‍රාථමික අතිරික්තය දෙගුණයක් වැඩි විය
✅ බදු ආදායම් 31%කින් වැඩි විය
✅ රේගු එකතු කිරීම් ඉලක්කයෙන් 80%
✅ වාහන බදු 818%කින් ඉහළ ගියේය
✅ IMF ප්‍රශංසාව ලබා ගත්තේය

මෙම සුබ මූල්‍ය ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ආර්ථික සුවතාව දෙසට යන ගමනේ වැදගත් සලකුණු වේ. කෙසේ වෙතත්, IMF අවධාරණය කරන පරිදි, මෙම ප්‍රගතිය පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය විනය අත්‍යවශ්‍ය වේ.