පොදු දේපල පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවකට අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුට සහය පළකරමින් අධිකරණය අවට භුමියේ කිහිපදෙනෙකු රස වී සිටි අතර එම පිරිසෙන් එක් කාන්තාවක් ‘හංසයා’ ඉල්ලමින් කෑ ගැසූ ආකාරයක් දැකගත හැකි විය.
2010 ජනාධිපතිවරණයේ දී මුල්වරට සරත් ෆොසේකා මහතා හංසයා ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර එයට රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහය හිමිවිය. 2015 වසරේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ මුවාවෙන් එක්සත් ජාතික පක්ෂය නිදහස් පක්ෂයේද සහය ඇතිව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අතර රනිල් වික්‍රමසිංහ මහතා එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. නමුත්, 2019 වසරේ එක්සත් ජාතික පක්ෂයේ අපක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාට අලියා ලකුණින් ජනාධිපතිවරණය සඳහා තරංග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සහය ලබා නොදුන් අතර පසුව සජිත් ප්‍රේමදාස මහතාටද හංසයා ලකුණින් තරංග කිරීමට සිදුවිය.
මාධ්‍යවේදී භාරත ප්රභාෂණ තෙන්නකෝන් සිය මුහුනුපොතේ මෙසේ සටහන් කර තිබුණි.
කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ලබන ජනවාරි 28 දක්වා කල් තැබීමට ගරු අධිකරණයෙන් නියෝග කළේය.