විපක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන් ආරක්ෂාව නොමැති වු බව කියමින් රට පුරාම අඬ අඬ යමින් සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාව අහිමි වීමට, ඔවුන් ධනය ඉපයීමට සිදුකළ පහත් ගනයේ රැකියා බලපා ඇති බවත් වමේ කේන්ද්රයේ කැඳවුම්කරු චමීර පෙරේරා ප්රකාශ කරනවා.
මහජනයා පිඩාවට පත්කරන, රවට්ටන, අපහසුතාවයට පත්කරන, මහජනයාගේ ඉඩකඩම් කොල්ලකන, අසාධාරණ ලෙස පොලී දීම වැනි පහත ගනයේ කර්මාන්ත සිදුකර තර්ජන වලට මුහුණදීමට සිදු වූ පසු ආණ්ඩුවට විවේචන ඉදිරිපත් කිරීම ජනතාව පිළිනොගන්නා බවත් එවැනි පහත්ගනයේ රැකියා සිදුකරන විට මෙවැනි ප්රශ්නවලට මුහුණ දීමත් බලාපොරොත්තුව සිටිය යුතු බවයි චමීර පෙරේරා ප්රකාශ කරන්නේ.
“එම තර්ජනවලට පසුබිමක් තියනවා නේද කියන එක ගැන, තමුනුත් කල්පනා කරන්නට ඕනේ”
චමීර පෙරේරා මෙසේ පැවසීය.