ස්පීගල්ගේ පිස්සුව

evan spiegel 005 1024x683

2004 දී මාර්ක් සකර්බර්ග් කියලා ගැටවරයෙක් තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක ‘නිකන් ඉන්න බැරි කමට’ආරම්භ කරපු ‘මුහුණු පොත’හිතාගන්න බැරි තරම් විප්ලවයක් කළා. නූතන ලෝකයේ අද්විතීය විප්ලවය සකර්බර්ග් සිදු කරත්දී මේ ගැටවරයා ‘ධන කුවේරයෙක්’බවටත් පත් වෙනවා.

වසර ගානක් ෆෝබ්ස් සඟරාව ‘මාර්ක් සකර්බර්ග්’කෝටිපති ලැයිස්තුවේ ඉහළ පුටුවක වඩා හිඳුවනවා. ලොව ධනවත්ම ප්‍රෙකා්ටිපතියන් අට දෙනා අතර මයික්‍රොෙසාෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් එක්ක ගැටවර මාර්ක් සකර්බර්ග් ද එකතු වෙනවා.

සකර්බර්ග් ෆේස්බුක් කියන වර්චුවල් රාජ්‍ය ගොඩනඟලා එහි රජෙක් වගේ වැජඹෙමින් හිටියා. එහෙත් මේ ගෙවෙන්නේ අලුත් හීන දකින මිනිසුන්ගේ යුගයක්.ඒ වගේම දකින හීන සැබෑ කරගන්න හති දදා දුවන මිනිසුන් සිටින යුගයක්. කෝටිපතියන් වැජබෙමින් සිටින අසුන අසුරු සැණින් වෙනස් වෙන්න පුලුවන්.අලුත් කෝටිපතියන් ඒ අසුණ අරා වැජබෙන්නත් පුලුවන්.ඒ නිසා අලුත් ලෝකය ඇතුලේ ‘ඉඩ’ තියෙන්නේ ‘අලුතින් හිතන’මිනිසුන්ට විතරයි.

1990 වසරේ ජූනි මස ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී නීතීඥවරුන් යුවළකට දාව මෙලොව එළිය දුටු එවන් තෝමස් ස්පීගල් කියන්නේ මේ වර්චුවල් ලෝකයේ ‘අලුත් හීන’දැක්ක චරිතයක්.සාම්ප්‍රදායික වැඩවසම් චින්තනයට කුඩු සංකායම් වෙන්න දෙමින් නව්‍ය ලෝකයේ හතර මායිම සොයන්නට මේ ‘විසේකාර’කොල්ලට පිස්සුවක් තිබුණා.

ඔබ අසාවි ‘පිස්සුවක් තිබුණා?’කියා.

‘ඔව්…පිස්සුවක් තිබුණා.’

එවන්ට නොදරු වියේ සිටම තිබුණේ කුමාර දිවියක්.බිංදුවෙන් පටන් ගෙන ඉහළට ගිය චරිතයක් කියන සාම්ප්‍රදායික ‘සැරසිල්ල’එවන්ට තිබුණේ නෑ. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්යා ලයෙන් උසස් අධ්යාපපනය ආරම්භ කරත්දීත් එවන් තරමක ලොකු හීන කිහිපයක් නඩත්තු කළා.

යමක් කමක් ඇති පවුලේ ජීවන රටාව ඇඟට පත්තියන් කරගෙන සිටි ස්පීගල් මිළ අධික මෝටර් රථ,එතෙර මෙතෙර ආශ්වාදනීය සංචාර,හිතුමනාපෙට වියදම් කළ හැකි ‘පොකට් මනී’ යහමින් අත්විඳිමින් හිටියා. ජීවිතය යහමින් වින්දනය කිරීමේ ‘ඉන්ධන’ස්පීගල්ගේ ‘ජේත්තුකාර පවුලෙන් ලෝබ නැතිව ලැබුණා.

එහෙත් සියල්ල අතරේ ‘ස්පීගල්ට’ වෙනම සිහිනයක් තිබුණා.

‘ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැප නොවුණොත්, වෙනත් අයෙක් ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම උදෙසා ඔබව කුලියට ගනු ඇත‘

මෙහෙම කියන්නේ බිල් ගේට්ස්.ඒ කතාව ‘ස්පීගල්‘ ජීවිතයේ යම් තැනක බරට සටහන් කොටගෙන හිටියා. ස්පීගල් සරසවියේ සිටින අතරේත් විවිධ තැන්වල රැකියා කළා.මොන තැන්වල ‘රස්තියාදු ගැසුවත්’ ඔබු හදවතේ නඩත්තු කළ සිහිනය වෙනුවෙන් නිරන්තර පේ වුණා.

ස්පීගල්ට තිබුණේ වෙනස්ම ආශාවක්.නවීන ලෝකයේ අන්තර්ජාල නව්‍යකරණ වර්චුවල් රාජ්‍යෙයේ කිරුළ දරන සකර්බර්ග්ගේ රටාව ස්පීගල් ආලෝලනය කොට තිබුණා. මේ කාලය වෙනකොට මුහුණුපොත නැත්නම් ෆේස්බුක් මුලු ලෝකයම ආක්රණමණය කරලා ඉවරයි.මඟහැර යා නොහැකි අනිවාර්ය්යක් තරමට මුහුණුපොත මිනිස් ජීවිත තුලට කඩාවැදී තිබුණා. මිලියන 742.5 ක් වන සමස්ත යුරෝප ජනගහනයෙන් මිලියන 307 කට වැඩි පිරිසක් මුහුණු පොතේ සාමාජිකයෝ වෙත්දී තනි රටක් ලෙස ගත් කල මුහුණු පොතෙහි ගිණුම් වැඩිම රට ලෙස අමෙරිකාව පෙරට ආවා. මෙලොව වෙසෙන සෑම 13 දෙනෙකුගෙන් එක් අයෙකු ෆේස්බුක් සාමාජිකයක්.සරසවියේ සබදතා තර කර ගැනීමට පටන් ගත්ත මේ වැඩේ ‘කෝටිපතියෙකු‘ බිහිකරන විප්ලවයක් වුණා.

vr5vbt3xyva4rrkh4pzwjf

ස්පීගල් තම ‘සිහින’සිතුවම අඳින්නට කැන්වසය සකසාගෙන තිබුණේ සකර්බර්ගේ වර්චුවල් රාජ්‍යය ඇතුලේ.

පිංසලත් කැන්වසයත් තියාගෙන ස්පීගල් රෑ දවල් නැතිව ‘සිහිනය’අත් විඳිමින් හිටියා.

තදබල ආශාව ඔබගේ ගමන ගෙන යන රොකට්ටුවේ ඉන්ධන නම්, නිවැරදි දැක්ම තුලින් පමණයි රොකට්ටුව නිවැරදි දිශාවට ගෙන යා හැකි වන්නේ‘ස්ටීව් ජොකොබ්ස් නිතර කියන කතාවක්.නවීන තාක්ෂණය එක්ක යාවජීව ‘ස්පීගල්‘ ඒක නොදැන ඉන්නට බැහැ.

ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්යාතලයේ නිපැයුම් නිර්මාණ කරන පන්තියේ සිටියදී ස්පීගල් ව්යානපෘතියක් ඉදිරිපත් කළා.ඒ තමයි ස්පීගල්ගේ ‘කල් යල් බැලීමේ‘ පළමු කුරුමාණම.අවුරුදු 25ක් තරම් නාබර වියේදී ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ වෙබ් අඩවි තරමටම ප්‍රසිද්ධ මොබයිල් ඇප් එකක් හඳුන්වා දෙන්න ස්පීගල් කටයුතු කරනවා.ඒ තමයි අලුත් පරපුරේ උන්මාදයක් වූ ස්නැප්චැට් (Snapchat) .

තමන්ගේ නිර්මාණය සාර්ථක කරගන්නට ස්පීගල් දිවා රෑ වෙහෙසෙනවා.බොහෝ විට ඔහු අසාර්ථක වෙනවා.ලෝකයේ ප්‍රවාහයක්ව ජනප්‍රිය ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල විලාසිතාව මැද පවතින රික්තය සොයන්නට ස්පීගල් ‘හිසේ ඇම්ම’ හැදෙනතුරු කල්පනා කරනවා.

තදබල ආශාවක් තියෙන කෙනෙකුට ලෝකය හොදින් වෙනස් කරන්න පුළුවන්.“ කියන ස්ටීව්ගේ ප්රතකාශය ස්පීගල් යථාවක් කරනවා.

කලක සිට මුහුණු පොත ලෝකයේ අංක එක.ඒත් ඒ වෙනකොටත් වෙනත් ආදේශක රැසක් සමාජ ජාල ලෙසින් පෙරට එමින් තිබුණා.ස්වකීය අධිකාරීත්වය තර කර ගන්නට මුහුණුපොතේ සකර්බ්රික් ලා ගත්තේ සුලුපටු උත්සාහයක් නොවේ.අනෙක් සමාජ ජාල මිලට ගනිමින්,මිලට ගත නොහැකි සමාජ ජාලවල සියුම් උපක්රතම සීරුමාරුවට ‘සොරකම් කරමින්’මුහුණු පොත නොදැවී පෙරට යමින් සිටියා.

වයස කියන්නේ ‘ලොකු දෙයක්’නොවේ වුණත් මේ වර්චුවල් ලෝකය ඇතුලේ වයස ප්‍රශ්නයක් තමයි.තිහ පැන්න විවාහක සකර්බර්ග් ‘යල්පැන ගිය’මෙවලමක් වෙන්න මහ කාලයක් ගියේ නෑ.අද මුහුණුපොත නැවතී සිටින්නේ ඉහළ බව ඇත්තක් වුවත්,ඊට කිට්ටු වෙමින් සිටින ආදේශක වඩා වේගයෙන් පෙරට එමින් සිටිනවා.ගැටවර ජීවිතවල ‘ආනන්දනීය’මෙවලම ලෙස පෙරට ආව මුහුණු පොත ඔවුන්ගේ සිහින හරිහැටි අවබෝධකර නොගත් මෙවලමක් ලෙස දැන් දැන් නව පරපුර වෙතින් දුරස් වෙමින් තිබෙනවා.

ස්පීගල් ‘මෙහෙයුම’පටන් ගන්නේ එතැනින්. පින්තූර, වීඩියෝ මිතුරන් අතර බෙදා ගන්නට හැකිවාක් මෙන්ම මේ පින්තූර, වීඩියෝ දෙකම මිතුරන් නැරඹු පසු ස්වයංක්රී්යව මැකී යන තාක්ෂණයක් සහිත මොබයිල් ඇප් එකක් ලෙස ස්නැප්චැට් (Snapchat) හඳුන්වා දෙනවා. මේ ඇප් එක භාවිතයෙන් තමන් ගන්නා ඡායාරූප වලට හෝ විඩියෝවකට අකුරු සහ කුරුටු එකතු කරමින් තමන්ගේ යාළු ලැයිස්තුවේ කැමති අයට “ස්නැප්ස්” යවත හැකියි. 2011 වසරේ ආරම්භ වූ මේ මොබයිල් ඇප් එකේ පින්තූර සහ වීඩියෝ හුවමාරුවට අමතරව තවත් විශේෂාංග රැසක් අන්තර්ගතයි. කෙටි වේලාවකට පසු පින්තූර මැකී යන තාක්ෂ ණයත්, පණිවුඩ හුවමාරු කර ගැනීමේ මාධ්යටයක් ලෙස මෙය භාවිත වීමත් නිසා වසර 2012 වන විට දිනකට භාවිත කරන්නන් මිලියන10ක් ඉක්මවනවා.මුහුණුපොතේ අනතුරුදායක ‘සිහින සෙල්ලමින්’බියපත්ව සිටි ගැටවරයෝ ස්පීගල්ගේ නවතම හඳුන්වා දීමෙන් උද්දාමයට පත් වෙනවා. පසුගිය වසරේ ස්නැප් (Snap Inc.) ලෙස වෙළඳ නාමය වෙනස් කල ස්නැප්චැට්, වීඩියෝ පටිගත වන අවු කන්නාඩි කුට්ටමක්ද හඳුන්වා දුන්නා. මෙය පැළඳ සිටින අතරතුර තත්පර 30 ක් දක්වා දිග වීඩියෝ පටිගත කර ඍජුවම ස්නැප්චැට් වෙත බෙදා ගැනීමේ හැකියාව පවතිනවා. මේ නවතම උපාංගයේ ‘පැතිරයාම’සකර්බර්ක්ගේ ‘මුහුණුපොත්’ආයතනයට දරන්නට හැකි වුණේ නෑ.ඒ නිසාම ඔවුන් ඩොලර් මිලියන 03ක ලන්සුව ක් ස්පීගල්ගේ ස්නැප්චැට් වෙත ඉදිරිපත් කරනවා.

බොහෝ දෙනා ස්පීගල්ට කියන්නේ මේ අති විශාල ලංසුව මගහැර නොයන ලෙසයි.ඒත් ස්පීගල් ඒ කතා තමන්ගේ මොබයිල් ඇප් එකේ මැකී යන ‘සයිබර්’ස්ටීකරයක් තරමටවත් මායිම් කළේ නැහැ.

ඔහු තමාගේ ‘සොයා ගැනීම’ගැන විශ්වාස කළා.අද වෙනකොට එකී විශ්වාසය යතාවක් වෙමින් තියෙන්නේ සෙමින් නොවේ.දිනපතා ට්වීටර් භාවිතා කරන පිරිසට වඩා පිරිසක් ‘ස්නැප් චැට්’වෙත ඇදී එනවා. දිනපතා මිලියන 140ක් ට්වීටර් භාවිත කරත්දී මිලියන 150ක් ස්නැප්චැට් භාවිත කරනවා. අති නවීන මොඩර්න් මෙන්ම පැය 24ක් ඇතුලත දත්ත මැකී යාමේ ‘ආරක්ෂිත’බව නිසා අධි වේගයකින් පරිෂීලකයින් ස්නැප්චැට් වෙත ගොඩ වෙනවා. ට්වීටර් වල පවතින පැරණි සේම සම්ප්‍රදායික බව අලුත් පරපුර ඉන් දුරස් වීමට හේතු වෙලා තිබෙනවා.ෆේස් බුක් වල පවතින තත්ත්වයට සමාන තත්ත්වයක් ට්වීටර් වලට උද්ගත වෙලා.ස්නැප්චැට් ඒ අතරේ වේගයෙන් පෙරට එනවා.

ස්පීගල් මේ වෙනකොට අවුරුදු 26ක නාඹර තරුණයෙක්.ඇමෙරිකාවේ වයස 40 ට අඩු ධනවත්ම ව්ය වසායකයින් අතරින් 10 වන ස්ථානයේ පසුවූ ස්පීගල් ලෝකයේ ලාබාලතම ධනවතුන් අතරේ පෙරමුණේ අසුනක වාඩි වෙනවා.

මොහුගේ මුළු වත්කම ඩොලර් බිලියන 2.1, අපේ රුපියල් වලින් ගත්තොත් කෝටි 31,500 ක් වගේ අගයක් වෙනවා. ෆෙරාරි රථයක් පදවන අතර බලපත්‍රය ලත් හෙලිකොප්ටර නියමුවෙක්ද වන ස්පීගල් ජනප්‍රිය ගෘහ නිර්මාණ ශිල්පී ජෙරාඩ් කොල්කොර්ඩ් විසින් නිර්මාණය කළ ලොස් ඇන්ජලීස්හි ඔහුගේ නවතම නිවසට නුදුරේදීම ස්වකීය ප්‍රේමණීය කුසුම ‘මරෙන්ඩා කර්’ කැන්දාගෙනව එනවා.