- 05:37 PMවිසර්ජන පනත් කෙටුම්පතේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3740 දක්වා රුපියල් බිලියන 60කින් අඩු කෙරේ
- 05:25 PMදේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්රයක ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 2000ක්
- 05:25 PMවිදුලි සංදේශ බදු පනත සංශෝධනයට
- 05:25 PM2026 ජනවාරියේ සිට නවීන බදු විගණන රාමුවක්
- 05:25 PM2026 අපේ සිට තීරු බඳු අනුපාත 0%,20%,20%,30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි.
- 05:17 PMවාහන අලෙවියේදී සමාජ ආරක්ෂණ බද්ද අලෙවි කරන අවස්ථාව සඳහා ඉවත් කිරීමට යෝජනා
- 05:14 PMආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඒ වෙනුවට වැට් ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහයක්.
- 05:13 PM2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ තුනකින් ඉහළට
- 05:10 PMවිනිවිද භාවය කාර්යක්ෂමතාව මත පදනම් වූ නව බදු ක්‍රමයක්
- 05:09 PMසුදුසුකම් සපුරා ඇති මාස හයකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් ස්ථිර කරයි.
- 05:08 PMදුම්රිය ගේට්ටු මුරකරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 7500ක මාසික දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කරයි.
- 05:06 PMවිදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරයි
- 05:06 PMදුෂ්කර පාසල්වල ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව රුපියල් 1500කින් වැඩිි කරයි
- 05:05 PMරාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන දස දහසක්
- 05:04 PMඅග්‍රහාර රක්ෂණ දායකත්ව මුදල තවත් වැඩි කරයි
- 05:03 PM2016 ජනවාරි 1 දින සිට රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපි වල විශ්‍රාම වැටුප පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි
- 05:02 PMරජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ පනහ දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්
- 04:59 PM2026 ජනවාරි මාසයේ වැටුපේ සිට රාජ්‍ය අංශයට එම වැටුප් ගෙවීමට කටයුතු කරයි
- 04:59 PMරාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110 ක්
- 04:58 PM2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි
- 04:58 PMරාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ.
- 04:55 PMලංකා සීනි පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 10ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 5000ක්
- 04:51 PMරාජ්‍ය ආයතන වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලයේ අවසානයේ යලි භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12500ක්.
- 04:49 PMරාජ්‍ය ආයතන වල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන දහසක්
- 04:49 PMරාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා විභාග වලට ලියන්නැයි පාරේ සිටින සැමට ආරාධනා
- 04:47 PMරාජ්‍ය සේවයට 75000 ක් නිසි ක්‍රමවේද යටතේ බඳවා ගැනෙයි
- 04:45 PMවර්තමානයට අවශ්‍ය නොවන ආයතන දහතුනක් ඈවර කරයි
- 04:44 PMඑකම අරමුණකින් ඇති රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරයි
- 04:44 PMවාණිජ නොවන සහ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි රාජ්‍ය ආයතන වසා දමයි
- 04:43 PMළමා රැඳවුම් නිවාස වල සිට සමාජගත වූ දරුවන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා මිලියන දෙකක ප්රතිපාදනයක්.
- 04:43 PMඋතුරු නැගෙනහිර නිවාස 2500ක් ඉදිකිරීමට රුපියල් මිලියන 5000ක්
- 04:41 PMනාය යාමය අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක්
- 04:41 PMවතු කම්කරුවන් සඳහා නිවාස දෙදාහක් ඉදිකිරීමට මිලියන 4290ක්
- 04:40 PMකැලණි වලි දුම්රිය මාර්ග සංවර්ධනයට බාධා වන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මිලියන 840 ක්
- 04:39 PMනාගරික වතු ජනතාවගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් මිලියන 15000
- 04:38 PMසෑම පුද්ගලයකුටම ආරක්ෂිත නිවසක්. සෑම අයෙකුටම නිවසක් ලබාදීමේ ප්‍රවේශය යටතේ නව නිවාස 27000ක්. අඩු ආදායම්ලාභී නිවාස හැත්තදාහක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නිවාස දසදහසක් ඉදි කිරීම සඳහා තවත් මිලියන තුන්දහසක්.
- 04:37 PMවීදි සුනඛයන්ගේ රැකවරණය සහ සුරතල් සතුන් භූම දානය පහසුකම් ඇති කිරීමේ නියමු වැඩසටහනක් සඳහා රුපියල් මිලියන සීයක්.
- 04:37 PMපළාත් පාලන ආයතන වල යටි තල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක්.
- 04:34 PMඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.
- 04:32 PMරත්නපුර නගර සංවර්ධනයට රුපියල් මිලියන පන්සීයක්.
- 04:32 PMහැටන් නගරයේ තදබදය අවම කර සංවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සීයක්
- 04:32 PMයාපනය ඇහැලියගොඩ මඩකලපුව හලාවත මාතර ඇතුළු හඳුනාගත් නගර දහයක් සංවර්ධනයට සක්‍යතා අධ්‍යයනයට රුපියල් මිලියන 2000ක්
- 04:29 PMකටුනායක ගුවන්තොටුපළ සංවර්ධනයට ජයිකා ආයතනයේ එකඟතාව
- 04:29 PMවරාය මෙහෙයුම් ඩිජිටල්කරණයට
- 04:29 PMරේගු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව වැඩපිළිවෙලක්.
- 04:25 PMරජයේ ආයතන විසින් ඉදිකර අතහැර දමා ඇති ඉදිකිරීම් 2700 ක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා කවුරුවත් සැලසුම්
- 04:24 PMබලශක්ති පරිවර්තන පනත ලබන වසරේ ගෙන එනවා
- 04:24 PMවිදුලි සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ පද්ධති සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කෙරේ
- 04:21 PMමාර්ග ආරක්ෂණ වැඩසටහන සඳහා තවත් රුපියල් මිලියන දහසක්
- 04:12 PMසමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා මිලියන 330 ක්
- 04:11 PMරුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්
- 04:11 PMකුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් මිලියන දහසක්
- 04:08 PMමාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්
- 04:08 PMමාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්
- 04:07 PMපෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන
- 04:07 PMදුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල පහක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300 ක්
- 04:07 PMකාර්යක්ෂම ගමනාන්තයක් වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 67200ක්
- 04:07 PMහම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට වැඩසටහනක්
- 04:00 PMදිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්
- 04:00 PMකළුගං මෝය වෙරළ ඛාදනය වැළැක්වීමට රුපියල් මිලියන 100ක්
- 03:58 PMමාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන දහසක්
- 03:57 PMගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්. ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්
- 03:55 PMවාරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 91700ක්
- 03:55 PMචන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින් සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක්.
- 03:54 PMපසු අස්වනු හානි අවම කිරීමට මිලියන පන්සියයක්.
- 03:54 PMධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක්
- 03:54 PMවාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.
- 03:54 PMධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක්
- 03:53 PMඅක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන2500ක්
- 03:49 PMඋතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක්
- 03:49 PMමිල්කෝ බඩල්ගම කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 3000ක්
- 03:46 PMගවයන් සහ සූකර අභිජනන වැඩසටහන සඳහා රුපියල් මිලියන දහසක්
- 03:46 PMදේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්
- 03:46 PM2030 වන විට කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමේ ඉලක්ක සඳහා ජාතික වැඩසටහනක්
- 03:43 PMදඹුල්ල ශීතාගාරයේ සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනයට රුපියල් මිලියන 250ක්
- 03:43 PMලොකු ලූනු අර්තාපල් වැනි ආහාර භෝගවල ගබඩා පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්
- 03:41 PMක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 800 ක්.
- 03:41 PMචීන ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියෙන් මාධ්‍යවේදීන්ට නිවාස
- 03:41 PMජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා රුපියල් මිලියන 100ක්
- 03:40 PMනාට්‍ය හා රංග කලාව සාහිත්‍යය ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 50ක්
- 03:37 PMඅලින්ගේ ජල මූලාශ්‍ර තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 80ක්
- 03:37 PMසිවිල් ආරක්ෂක නිලධාරීන් පන්දහසක් වන ජීවී දෙපාර්තමේන්තුවට ස්ථිර පදනමින් අනියුක්ත කරයි
- 03:36 PMවිදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
- 03:36 PMවනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අත්‍යවශ්‍ය වාහන සහ සන්නිවේදන උපකරණ ලබාදීමට අනුමැතිය දී තිබෙනවා
- 03:36 PMවිදෙස් ගත ලාංකිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්
- 03:36 PMකාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 200ක්
- 03:30 PMවතුකම්කරු දවිමක වැටුප වැටුප 2026 ජනවාරි සිට රුපියල් 1550 දක්වා ඉහළ දමන්නට යෝජනා කරනවා. ඊට අමතරව රජයේ විසින් දිනකට රුපියල් 200ක පැමිණීමේ දීමනාවක් ලබා දෙනවා.
- 03:28 PMප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක්
- 03:27 PMපාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන දහයක්.
- 03:27 PMදඹුල්ල සහ දෙනියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනයට රුපියල් මිලියන දහසක්.
- 03:27 PMඅඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක්.
- 03:27 PMමූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 31000ක්.
- 03:27 PMප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්
- 03:23 PMමූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 31000ක්.
- 03:21 PMප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්
- 03:21 PMවසර පහක් ඇතුලත රෝහල් නවීකරණය කරනවා
- 03:20 PMරට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරනවා
- 03:20 PMරට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීමට මිලියන අටදාහක්
- 03:19 PMආබාධිත දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සඳහා රුපියල් පන්දහසක දීමනාවක්.
- 03:18 PMඅඩු ආදායම් ලාභී උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට පන්දහසක දීමනාවක්.
- 03:17 PMමහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා.ඒ අනුව මහපොළ දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
- 03:15 PMවෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක්
- 03:14 PMඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
- 03:14 PMආබාධිත දරුවන්ට අනෙක් දරුවන් සමගම අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දෙනවා.
- 03:12 PMරජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගන්නවා
- 03:12 PMක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.
- 03:11 PMකුඩු මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්
- 03:09 PMමත්කුඩු වසංගතය කිසිවක් නොදන්නා දරුවාගේ පාසල් බෑගයද ආක්‍රමණය කරනවා.
- 03:09 PMසෑම අතින් අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා
- 03:08 PMපර්යේෂණ වාණිජකරණය සඳහා ආණ්ඩුවෙන් මූල්‍යාධාර
- 03:07 PMඅස්වැසුම් පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත්
- 03:05 PMඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන ලබා දෙනවා
- 03:05 PMAl දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්
- 03:04 PMකිව්.ආර් කේත වලින් රුපියල් 5000ට අඩු ගනුදෙනු වලට සේවා වියදම් අහෝසි කරනවා.
- 03:04 PMඅපි යම් කැපකිරීමක් කර තාක්ෂණය රටට කැඳවාගත යුතුයි. ඒ සඳහා අප කටයුතු කරනවා.
- 03:03 PMඑහි දිරි ගැන්වීමක් ලෙස online ගෙවීම් වලදී සේවා ගාස්තු අය කිරීම නතර කරනවා.
- 03:01 PMමුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා
- 03:00 PMපුරවැසියාගේ දත්ත සුරක්ෂිතතාව තහවුරු කරනවා
- 02:58 PM2026 මාර්තුවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරනවා.
- 02:57 PMඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
- 02:57 PMඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
- 02:56 PMරාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ විධිමත් කරනවා.
- 02:56 PMබණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේදී අරඹනවා
- 02:52 PMඅභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන දහසක්.
- 02:52 PMසංචාරක නිපුණතා වෘත්තිකයන් බිහිකිරීම සඳහා රුපියල් මිලියනන 500ක්
- 02:49 PMබේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරනවා.ඒ සඳහා රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- 02:49 PMජලය ආශ්රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්දනයට රුපියල් මිලියන 3500ක්.
- 02:49 PMරජයේ තානායම් සංචාරක හෝටල් අත හැර දමා තිබෙනවා.ආයතන වල සේවකයන්ගේ වරප්‍රසාද රැකෙන අයුරින් ඒවා ඵලදායී ව්‍යාපෘති වල යොදවනවා.
- 02:48 PMහපුතලේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් කිරීමට කටයුතු කරනවා.
- 02:47 PMබහුවිධ ණය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 80,000 ක්
- 02:45 PMසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබාදීමට රුපියල් මිලියන 5900ක්
- 02:44 PMකෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක්
- 02:43 PMකර්මාන්ත සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන දහසක්
- 02:41 PMජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට නව ක්‍රමවේදයක්
- 02:41 PMජාතික තනි වෙළඳ කවුළුවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්
- 02:40 PMජාතික සංවර්ධන සැලැස්ම සවිබල ගැන්වීම සඳහා අමතර රුපියල් මිලියන 250 ක්
- 02:40 PMඇප රහිතව ව්‍යසායකයන්ට ණය ලබාදීම සඳහා දුන් පොරොන්දුව ඉටුකර තිබෙනවා.ඒ සඳහා රුපියල් මිලියන හත් දහස දක්වා තවදුරටත් මුදල් වෙන් කරනවා.
- 02:37 PMඉඩම් තොරතුරු ඇතුලත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියනය සීයක් වෙන් කරනවා
- 02:37 PMආයෝජනය ගෙනෙන විදෙස් ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක්
- 02:36 PMආයෝජන කලාප ආශ්රිත සේවා සංවර්ධනයට රුපියල් මිලියන දහසක්
- 02:33 PMකුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික ආයතන දෙකක් ගොඩනගා තිබෙනවා.මේ වන විට ඒවා අතහැර දමා තිබෙනවා.ඒවායේ ණය ගෙවා පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා
- 02:31 PMක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර සංවර්ධන පනත ලබන වසරේ සංශෝධනය කරනවා.
- 02:31 PMආයෝජන සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දෙනවා
- 02:30 PMආර්ථික වර්ධනයට රැකියා උත්පාදනයට සහාය වීම සඳහා ආර්ථික හා සමාජ යටිතල පහසුකම් කෙරෙහි ආයෝජනය කිරීම වැදගත් කාරණයක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව.
- 02:30 PMආයෝජන හිතකර සමාජයක් ගොඩනගනවා
- 02:27 PMමෙවර අයවැය හිඟය 5.2 දක්වා අඩුවෙනවා.
- 02:26 PMසෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.
- 02:25 PMරාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් සියයට 20 මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.
- 02:24 PMමේ නීති රාමුව අනාගත කම්පන රට ආරක්ෂා කරනවා. බදු ගෙවන හැම රුපියලකටම අප වග කියනවා
- 02:23 PMමූල්‍ය විනයක් ඇති රටක්,නීතිමය රාමුවක් ගෙන ඒමට කටයුතු කළා.
- 02:23 PMහැම පැත්තෙන්ම ආර්ථිකයේ ධනාත්මක සාධක පෙන්නුම් කරමින් සිටිනවා
- 02:23 PMපසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් තිබෙනවා
- 02:22 PMකොටස් වෙළඳපොළ දිනපතා වාර්තා තබමින් සිටිනවා
- 02:22 PMවිරැකියාව 4.5 % සිට 3.8% දක්වා පහත වැටී තිබෙනවා
- 02:21 PMරාජ්‍ය ආයෝජන සියයට හතරකින් ඉහළ දැමීමට කටයුතු කරනවා
- 02:20 PMවිරැකියාව පහත දමන්නට අපට හැකියාව ලැබුණා
- 02:19 PM2026 දී දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම සියයට 15.3 දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.
- 02:18 PMවිශේෂ රැකවරණය ලැබිය යුතු අය අඛණ්ඩව බලා ගැනීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කරනවා
- 02:16 PMග්‍රාමීය දිළිඳු බව බව සඳහා පොහොසත් ගමක් බිහිකරනවා.
- 02:16 PMමේ වසරේ ඇමරිකා ඩොලර් මිලියන 1373 ක වාහන ආනයනය කර තිබෙනවා
- 02:14 PMආර්ථික ඉලක්ක එකක්වත් අප අත හරින්නේ නැහැ.
- 02:14 PMවසරේ මේ දක්වා වාහන ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 1133ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා.
- 02:13 PM2028 වසරේ ඉන්නෙත් අපි. ඒ ණය ගෙවන්නෙත් අපි.
- 02:13 PMපසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකා ඩොලර් මිලියන 760 කින් ඉහළට.
- 02:11 PMණය ගෙවීමට බැරි වෙනවා වැනි සාවද්‍ය ප්‍රකාශ තවදුරටත් ජනතාව පිළිගත යුතු නැහැ
- 02:11 PMඅපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා.
- 02:10 PMඒ නිසා කවුරුත් ණය ගෙවීම් ගැන බිය විය යුතු නැහැ.
- 02:09 PMඅපේ ණය ප්‍රතිශතය සියයට 95 ඉලක්කයට දැනටමත් ලංවෙමින් තිබෙනවා
- 02:08 PM2025 වසරේදී ඇමෙරිකා ඩොලර් මිලියන 430කින් ආනයන වියදම ඉහළට
- 02:08 PMඅපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා.
- 02:07 PMනව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළඳ කවුළුවක්.
- 02:04 PMජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමඟ සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා
- 02:03 PMරාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා.
- 02:03 PMපළමු අයවැයෙන් දැමූ අඩිතාලම දෙවැනි අයවැයෙන් තවත් ශක්තිමත් කරනවා
- 02:01 PMමහජනතාවට අපරාධයක් වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දෙනවා.
- 02:01 PMඑස් වැට් අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරනවා
- 02:00 PMමුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා.
- 02:00 PMබදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා
- 01:58 PMමුදල් ශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා.
- 01:57 PMබදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා
- 01:56 PM2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා
- 01:56 PMවගකීම් ඉටු ඉටුකට ආපහු සත්වන නිලධාරීන්ට දඩ මුදල් පැනවීම සඳහා ජාතික විගණන පනත සංශෝධනය කළා
- 01:56 PMක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත සංශෝධනය කරනවා
- 01:55 PMආයෝජනවල පැහැදිලි ප්‍රගතියක් අත්වී තිබෙනවා
- 01:54 PMඑමෙන්ම ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා
- 01:54 PMඅධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකසනවා
- 01:53 PMවත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වැඩිදියුණු කර තිබෙනවා.
- 01:52 PMරාජ්‍ය මූල්‍ය සඳහා ඩිජිටල් ප්‍රවේශය හඳුන්වා දෙනවා
- 01:52 PMයල් පැනගය නීති රීති නව නීති මගින් ප්‍රතිෂ්ඨාපනය කරනවා
- 01:52 PMඅප කවුරුත් රාජ්‍ය සේවය ගැන සතුටු නෑ අප මේ තත්ත්වය වෙනස් කළ යුතුයි
- 01:52 PMරාජ්‍ය සේවකයන්ගේ වැටුප් අදියර තුනකින් වැඩිකර තිබෙනවා.
- 01:51 PMරාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය කර නවීකරණය අවශ්‍යයි.
- 01:51 PMආර්ථික වර්ධනයේ ප්රතිලාභ සැබෑ අවශ්‍යතාවයක් ඇති අයට ලබා දෙනවා
- 01:51 PMඡන්ද රැස්වීමට ආවේ නැතිනම් සමෘද්ධිය කපන ඉතිහාසයක් තිබුණා ඒ තත්ත්වය අවසන් කරනවා
- 01:50 PM2026 වසරේදී අඩු ආදායම්ලාභීන් සමාලෝචනයට ලක් කරනවා
- 01:50 PMඑයාර් ලංකා ණය දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිව්‍යුහගත කරනවා.
- 01:50 PMදේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළා
- 01:49 PM2019 වසරේ පැවති ආර්ථික තත්ත්වය 2025 වසර අවසානයේ ළඟා කර ගැනීමට හැකියාව තිබෙනවා
- 01:49 PM2030 වන විට අපේ ණය ප්‍රමාණය සියයට 87ක ප්‍රමාණයකට ළඟා කර ගැනීමට කටයුතු කරනවා.
- 01:49 PMආයෝජක විශ්වාසය පෙර නොවූ විරූ ලෙස ගොඩනැගීමට හැකි වුණා.
- 01:48 PMරාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දාසයක මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.
- 01:48 PMවිදෙස් සංචිත ඩොලර් බිලියන හතක් කර ගැනීමට මේ වසරේදී අප බලාපොරොත්තු වෙනවා
- 01:48 PMගෝලීය කම්පන හමුවේ වුවද විදේශ සංචිත ශක්තිමත් වුණා
- 01:47 PMවිනිමය අනුපාතය ස්ථාවර වී තිබෙනවා
- 01:47 PMඋද්ධමනය සීයට පහකට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහය දරනවා.
- 01:46 PMඋද්ධමනය ධන අගයකට පැමිණ තිබෙනවා
- 01:40 PMඅයවැය කතාවට පාර්ලිමේන්තුව ඇරැඹේ