එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස හරීන් ප්‍රනාන්දු පත් කොට ඇති අතර ඔහු සිය වැඩ භාර ගැනීම අද (10) සිරිකොත කාර්යාලයේදීි සිදු කළා. ඉන් අනතුරුව ෆේස්බුක් ගිණුමේ ඔහු සටහනක් තබා තිබුණේ මෙලෙසින්.
“අපි කවුරුත් දන්න සහ පිළිිිිිගන්න දෙයක් තමයි එජාපයේ ස්ව්ර්ණමය යුගය, නැත්තං රන්වන් යුගය ජේ. ආර්.ජ යවරධන නායකයා වෙලා හිටපු ඒ යුගය කියල. ඒක චීනයේ ඩෙබ් ෂයාව්පිනග් (Deng Xiaoping) සහ ලංකාවේ ජේ.ආර ජයවර්ධන කියන ආසියානු නායකයො දෙන්න ම තමන්ගෙ රටවල් වලට විවෘත ආර්ථිකය හදුන්වල දුන්න යුගය. ඒ කියන්නෙ ලෝකයේ ආර්ථිකය ජාතික සමාඟම්වල ඉඳන් බහුජාතික සමාගම් වලට මාරු වෙමින් තිබුණ යුගය . ඒ හින්ද ජේ.ආර්.ට රට වෙනුවෙන් කරන්න තිබුණ යුග කාර්යභාරය වුණේ නුතනවාදි ආර්ථික ව්‍යෘපෘතියක් (Modern economic Project).
ඒ හින්ද, ඒ අවශ්‍්‍යතාව අනුව හිතල ඒ කාලෙ ජේ.ආර්. ජයවර්ධන කියන නායකයා එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවෙ නූතන ආකෘතියකට (Modern framework) අනුව. නමුත් දැන් අපි පහුකරමින් ඉන්නෙ, ලෝකයේ ආර්ථිකය බහු-ජාතික සමාඟම්වල ඉඳන් පාර-ජාතික සමාගම් කරා මාරුවෙමින් පවතින ඊටත් වඩා ඉදිරියට ගිය නව-නූතන (Neo-Modern) ගෝලීය සංවර්ධන යුගයක. ඒ හින්ද, අද එක්සත් පක්ෂයේ පක්ෂ-ව්‍යූහය ගොඩනගන්නට වෙලා තියෙන්නෙත් මෙන්න මේ නව නූතන තත්වයට අනුව නව-නූතන පක්ෂ ව්‍යූහයක් (Neo-Modern Party Structure).
ඒක ඒදා ජේ.ආර් ජයවරධන හිටපු නායකතුමාටත් කරපු දෙයිනුුුත් ඒහාට ගිය, ඉදිරියට තියන්න උවමනා ඊළ ලොකු පියවරක්. ඒ හින්ද, අද මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් පුටුවෙ ඉඳගන්නෙ මෙන්න මේ භාරධූර වැඩේ කරන්නයි. මෙන්න මේ යුගයේ අවශ්‍යතාවට කොහොමහරි උරදනව කියල හිත හදාගෙන. ඒ හින්ද එජාපයට ආදරේ කාටත් දැන් ඒකමුතු වෙන්න කාලයක් ඇවිල්ල තියෙනව කියන සුභ-පණිවිඩයත් අරගෙන ම යි මං වැඩ පටං ගන්නෙ.”