දීගයක් ගැන හීනයක් දකින හරීන්

f 9jv6rakaesu7d

එක්සත් ජාතික පක්ෂ­යත්, සමගි ජන බල­වේ­ග­යත් එකතු නොවු­ණොත් එදා එක්සත් ජාතික පක්ෂ­යෙන් ගිහින් සජබෙ හදපු පාක්ෂි­ක­යන් නැව­තත් සජබෙ අතහැරලා එක්සත් ජාතික පක්ෂ­යට එකතු වීම වැළැ­ක්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හරින් ප්‍රනාන්දු පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­තුමා භාර දුන් අලුත් තන­තුරේ වග­කීම් අද මා භාර ගත්තා. හරි­ය­ටම අවු­රු­ද්දක කාල­යක් දේශ­පා­ල­නික වශ­යෙන් අපි කළ යුත්තේ කුමක්ද කියන දේ ගැන, එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොකක්ද කියන එක ගැන, එක්සත් ජාතික පක්ෂය රටට මොන­වාද කර තියෙන්නේ කියන එක ගැන හිතුවා. නිද­හස දිනා දීමට ඇරඹි එක්සත් ජාතික පක්ෂය අද තවත් කර්ත­ව්‍ය­ය­කට උර දී සිටි­නවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රශ්න­යක්, අර්බු­ද­යක් පැන නැඟුණු සෑම මොහො­ත­කම පක්ෂ පාට නොබලා සියලු දෙනා එකතු කර­ගෙන රටේ උන්න­ති­යට කට­යුතු කළ පක්ෂ­යක්.

වත්මන් ආණ්ඩු­වට චෝදනා කර­නවා වෙනු­වට එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය, ප්‍රති­ප­ත්තිය සමඟ අලුත් වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­යට ගේන්න අපි සූදා­නම්. ආණ්ඩු­වට දේශ­පා­ල­නික දිශා­න­ති­යක් නෑ. හරි­යට බැලු­වොත් ආණ්ඩුව දක්ෂි­ණාං­ශි­කයි. සමා­ජ­වා­දය නෑ. එක්සත් ජාතික පක්ෂය හැම­දා­මත් දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­යක හිටියා. ඒ දේශ­පා­ලන ප්‍රති­ප­ත්තිය තුළ පිහිටා රට පුරා අලුත් මුහු­ණු­ව­ර­කින් එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත බල­වේ­ග­යක් ඉදිරි මාස හයේ නිර්මා­ණය කර­නවා කියන පොරොන්දුව මේ අව­ස්ථාව ලබා දෙනවා.

karu ranil sajith

සමගි ජන බල­වේ­ගය සමඟ එක්ව කට­යුතු කරන්න අවශ්‍ය කට­යුතු මේ වන විට සිදු වෙමින් පව­ති­නවා. අපි ඇතු­ළුව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂි­ක­යන් සමගි ජන බල­වේ­ගය නිර්මා­ණය කළා. පක්ෂ නාය­ක­යන්, තන­තුරු දරන අය මොන මත­යක් දැරු­වත් එක්සත් ජාතික පක්ෂ­ය­ටත්, සමගි ජන බල­වේ­ග­ය­ටත් එකතු වෙන්න කියලා ගමේ ඉල්ලී­මක් තිබෙ­නවා. එහෙම නොවු­ණොත් එදා එක්සත් ජාතික පක්ෂ­යෙන් ගිහින් සජබෙ හදපු පාක්ෂි­ක­යන් සජබෙ අතහැර එක්සත් ජාතික පක්ෂ­යට එකතු වන එක වළ­ක්වන්න බෑ. අපි කියලා නෙවෙයි ගමේ සමු­ප­කාර ඡන්ද­යට මිනිස්සු එකතු වුණේ. ගමේ මිනිස්සු අපට කියන්නේ නාය­ක­යන් එකතු වුණත්, නැතත් අපි එකතු වෙනවා කියන එකයි. අපි හිත­නවා පක්ෂ නාය­ක­ත්වය මේ සම්බ­න්ධ­යෙන් තීන්දු ගනියි කියලා.

ඔය අතර කේ. සංජීව හරින්ගේ නව ආගමනය ගැන සටහනක් තබා ඇත.

හරින් ප්‍රනාන්දු නියෝජ්‍ය ලේකම් කරලා මිනිහට රැස්වීම් 1000ක් ඕගනයිස් කරන්න දීලා. සිරිකොත පැත්තෙන් ඒ ගැන හෙන ඝෝෂාවක් එනවා. මට තේරෙන්නේ නැත්තේ අලියා පක්ෂයේ එවුන් තමන්ගේ ඡන්ද තීරුව මේ තරම් දෙකේ කොළේට දාන්නේ ඇයි කියලා.

1994 ගාමිණී දිසානායක තොටළඟ බෝම්බයෙන් ඝාතනය උනාට පස්සේ තවමත් එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකයෙක් නෑ. නායකත්ව ප්‍රශ්නය ආපු ගමන් මොනවා හරි තනතුරු ටිකක් දීලා ඒ ප්‍රශ්නය තාවකාලිකව සමනය කරගෙන රනිල් වික්‍රමසිංහ සදාකාලික නායකයා කරගෙන යෑමක් තමයි තිබෙන්නේ.

from left ananda tissa de alwis gamini dissanayake ranil wickremesinghe and j.r.jayawardena 1024x690

එජාපයට උරුම මේ කරුමය නිසා නායකයෝ විදිහට උඩට ආපු ගාමිණී අතුකෝරළ, කරු ජයසූරිය වගේ අයට රාජ්‍ය පාලකයා වෙන්න බැරිවුණා. සජිත් ප්‍රේමදාසට අවසාන මොහොතේ හෝ මොළයක් තිබ්බා අලුතින් පක්ෂයක් හදාගෙන එළියට යන්න. ඇත්තටම සජිත් ඒකට රංජිත්ට තලතට වගේ අයට ස්තුතිය කරන්න ඕනෑ. නැත්තං සජිත්ට මේ කපේට විපක්ෂ නායකයාවත් වෙන්න බෑ රනිල් වික්‍රමසිංහ මැරෙනකම්.

ranil gamini

දැන් රනිල් තමන්ට සුළු හෝ ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙන හරින් ප්‍රනාන්දු ට මස්කට්ටක් දීලා. ඇත්තටම හරින් කියන්නේ දක්ෂ සංවිධායකයෙක් මම දන්න තරමට. සජබය අස්සේ උනත් ඔහුට තවමත් ලොකු ගෞරවයක් සහ ප්‍රසාදයක් තිබෙනවා. මේ වෙනකොට ඔහුට සිරිකොත අස්සෙත් එවැනිම ප්‍රසාදයක් තිබෙනවා. ඉතිං ඒ නැඟ එන ජනප්‍රියත්වය ඉස්සරහා මේවගේ තනතුරක් දීලා උබ රැස්වීම් 1000ක් ඕගනයිස් කරහන් කීම අර පරණ රනිල් නූල් ගේමම තමයි.

අපිට ප්‍රශ්නයක් නෑ රනිල් මැරෙනකම්ම ඔය පක්ෂයේ නායකයා විදිහට ඉන්න එක. ප්‍රශ්නය තිබෙන්නේ මේ නායකයෝ වෙනස් වෙන ජනමතය තේරුන් ගන්නවත් නොහැකි මරිමෝඩ සල්ලිකාරයෝ ටිකක් විතරක් වීම. මුන්ට පක්ෂය අස්සේ තියෙන විරෝධය කලමනාකරණය කරගෙන ත්‍රීවිල් පක්ෂයක් විදිහටම හරි මේක ඇදගෙන යන්න සල්ලි තිබෙන නිසා ඉතිං ඔහේ වැඩේ ඉස්සරහට යනවා.

කේ. සංජීව