සජිත්ගේ ඉන්දීය සංචාරයේ රහසක් එලියට

images (2)

සජිත්ගේ පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරයේ කවුරුත් නොදන්නා තවත් විශේෂ සිදුවීමක්ද තිබේ. ඒ, සජිත්ගේ ගමන් බිමන් වියදම් සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ලංකාවේ විපක්ෂ නායකවරයකු නිල විදෙස් සංචාරයක නිරත වන්නේ නම් එහි නිල වියදම් කොටසක් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැරිය යුතුය. යම් වියදම් ප්‍රමාණයක් ආරාධනාව සිදුකරන රට විසින්ද දරනු ලැබේ. ඒ අනුව සජිත් නවදිල්ලි ගුවන් තොටුපළෙන් ඉන්දියාවට ගොඩබට වහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වූ මහේෂිනී කොලොන්නේ මහත්මිය පැමිණ සජිත්ව පිළිගෙන ප්‍රවාහන පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබිණි. නමුත් සජිත් ඒ සියල්ල ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් තමන් මෙම සංචාරයේදී රජයේ වියදම් භාවිත නොකරන බවටත්, සිය පෞද්ගලික වියදමින් ඒවා සිදුකරන බවටත් දැනුම් දී සිටියේය. ඒ අනුව සජිත් සිය ඉන්දීය සංචාරය තුළදී තමන්ට හිමි කිසිදු මුදලක් රජයෙන් ලබාගැනීමට කටයුතු කළේ නැත. ඇතැම් නායකයන් මෙවැනි කටයුතු මාධ්‍යවල පළකරමින් විශාල ප්‍රසිද්ධියක් ලබාගත්තද, සජිත් කිසිදු තැනකදී මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමට කටයුතු කොට නොතිබිණි.