රුවන් පැත්තකට වෙයි.නවීන් මගහරි යි.

ruwan wijewardena scaled

 එජාපයේ නියෝජ්‍ය නායකයා වූ රුවන් විජේවර්ධන සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ. තමන් එජාපයේ නියෝජ්‍ය නායකකමෙන් ඉවත් වන බවත්, ඒ වෙනුවට වෙනත් අයකු නියෝජ්‍ය නායක තනතුරට පත්කරන්නා ලෙසත් රනිල්ට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.එමෙන්ම තවත් එජාප ජ්‍යෙෂ්ඨයකු වන නවීන් දිසාසායක දැනටමත් ප්‍රකාශ කොට ඇත්තේ තමන්ද ලබන 21 වැනිදා පැවැත්වෙන නුගේගොඩ රැලියට සහභාගි නොවන බවය. 

 නුගේගොඩදී පැවැත්වෙන රැලියට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම සහභාගි නොවීමට තීන්දු කොට ඇති බවය. රාජිතද පසුගිය සතියේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ පොහොට්ටුව සමග තවදුරටත් දේශපාලනය කිරීමේදී හොඳ නරක දෙපැත්තක් ඇති බවත්, තමන් ඒ බව දැනටමත් එජාපයට දැනුම් දී ඇති බවත්ය. ඒ අනුව රාජිතද බොහෝ දුරට 21 පැවැත්වෙන රැලියට සහභාගි නොවනු ඇත.